*
Wednesday, May 14, 2025
spot_img

Latest Posts

කාලය කියන්නෙ වචනයක් විතරමද …?

මේ අවුරුද්දේ ඒ කියන්නෙ 2024 අවුරුද්දේ පෙබරවාරි මාසෙට දවස් විසිනවයක් තියනව. 2024 කියන්නෙ අධික අවුරුද්දක්. ආපහු සැරයක් පෙබරවාරි 29ක් එන්නෙ 2028… ඉන් පස්සෙ 2032 දී. තව විදිහකට කීවොත් හැම අවුරුදු 4කටම සැරයක් පෙබරවාරි 29 ක් තියනව.

ඉස්කෝලෙ යන කාලෙ ඔය ප්‍රශ්ණෙ අපෙන් අහපුවාම අපි දෙන උත්තරේ පෘථිවිය සූර්‍යා වටේ යන්න දවස් 365 ක් සහ පැය හයක් ගතවෙනව. එතකොට මේ පැය හයේ ඒවා හතරක් එකතු කරාම ලැබෙන පැය විසි හතරේ දවස තමයි අපි අවුරුදු හතරකට සැරයක් කැලැන්ඩරේට එකතු කරන්නෙ. ඒ වගේ අවුරුද්දකට අපි කියනව අධික අවුරුද්දක් කියල.

කවද්ද මේ කැලැන්ඩරේ හදන්නෙ අපි අහනව.

තව විදිහකට කීවොත් අපේ ලෝකය සූර්‍යා වටේ යන්න දවස් 365ක් සහ පැය 6ක් යනබව හොයාගන්නෙ කොයිකාලෙද කියලත් අපිට අහන්න පුළුවන්. ( ලෝකය සූර්‍යා වටේ යනවද ..සූර්‍යා ලෝකය වටේ යනවද කියන ගැටළුව ඒ කාලෙ තිබුන බව ඇත්ත) රෝම අධිරාජ්‍යයේ අති දක්ශ පාලකයෙක් වූ ජුලියස් සීසර්ගෙ ( ජුලියස් සෙසාර්) කාලයේ ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 46දී තමයි මේ කැලන්ඩරය නිර්මාණය වෙන්නෙ. ( Julius Caesar 100 BC -44 BC)
ඒ කියන්නෙ ලංකාවෙ නම් අනුලා බිසව රජකම් කරන කාලෙයි ජුලියන් කැලැන්ඩරය නිර්මාණය කරන්නෙ. ( Anula of Anuradhapura 47 – 42 BC as the queen).

මීට කලින් භාවිතා වුනු රෝමන් කැලැන්ඩරයේ අවුරුද්දකට තියෙන්නෙ දවස් 355ක් විතරයි.

ජුලියස් සීසර් කියන්නෙ දක්ශ පාලකයෙක්… බුද්ධිමතෙක්. සෙසාර් හෙවත් සීසර් මේ කැලැන්ඩරය නිර්මාණය කරන්නෙ නෑ.. නමුත් සීසර් යටතේ වැඩකරනව බොහොම දක්ශ තාරාකා විද්‍යාඥ්ඥයො සහ ගණිතඥ්ඥයන්. උදාහරණයක් විදිහට ඇලෙක්සැන්ඩ්‍රියාවෙ සොසිජෙනීස්. (Sosigenes of Alexandria)

මෙන්න මේ අය එකතුවෙලා ලෝකයට පිලිගන්න පුළුවන් කැලැන්ඩරයක් හදන්නෙ අදින් අවුරුදු 2070 කට කලින්.

ඊ ලඟට අපිට අහන්න පුළුවන් ප්‍රශ්ණය ….. පෘථිවිය සූර්‍යා වටේ යන්න ගතවෙන්න හරියටම දවස් 365කුත් පැය හයක්ද කියන ප්‍රශ්ණය. එහෙම වුනාම හරි ලේසියි අවුරුදු හතරකට සැරයක් එක දවසක් කැලැන්ඩරයට එකතු කරන්න.

අවුරුද්දකට දවස් 365ක් තියන ආකාරය ගණන් හැදුවොත් 365 X24 = පැය 8760.
දවස් 366 ක් තියන විදිහට ( 2024 වගේ ) ගණන් හැදුවොත් 366 X24 = පැය 8784. ( අධික අවුරුද්ද)

නමුත් සූර්‍යා වටේ යන්න අපේ පොළවට ගතවෙන කාලය දවස් 365 කුත් පැය හයක් නෙවෙයි.

දවස් තුන්සිය හැටපහක් ,පැය පහක් සහ විනාඩි 48ක්.

ඒ කියන්නෙ විනාඩි දොලහක අඩුවක් තියනව හැම අවුරුද්දකම. මේ විදිහට හැම අවුරුද්දකම මේ එකතුකරන ලද විනාඩි 12ට මොකද වෙන්නෙ.?
වැඩි දෙනෙක් මේ ප්‍රශ්ණය අහන්නෙ නෑ.
මේ ගැනත් සීසර්ගෙ ගණිතඥ්ඥයො හිතනව. ඒ අය යෝජනා කරන්නෙ සීයෙන් බෙදෙන හැම වසරකම එක දවසක් කැලැන්ඩරයෙන් අයින් කරමු කියන එක. තව විදිහකට කීවොත් සීයෙන් බෙදෙන හැම වසරකම අපි එක දවසක් අයින් කරන්න ඕනෙ.

නමුත් මෙතන තියන ගැටළුව හඳුනගන්නව 1582 අවුරුද්දෙ. අංක සීයෙන් බෙදෙන හැම වසරකම එක දවසක් අයින් කරොත් කැලැන්ඩරයේ වේගය පෘතිවියේ වේගයෙන් වෙනස් වෙනව කියල හොයාගන්නව අටවෙනි ග්‍රෙගරි පාප්වහන්සේගේ කාලයේදී . ( ඒ කියන්නෙ ලංකාවෙ නම් පලවෙනි රාජසිංහ රජතුමාගෙ කාලෙ.)

මේ කාලෙ ආගමට අභියෝග කරන බුද්ධිමතුන් බිහිවෙන කාලයක් නිසා වතිකානුවේ පූජකයන් ඉන්නෙ ගණිතඥ්ඥයන් ..විද්‍යාඥ්ඥයන් පිරිවරාගෙන. අන්න ඒ කණ්ඩායමක් විසින් තමයි ජුලියන් කැලැන්ඩරයට සුළු වෙනස්කම් කරලා ග්‍රෙගෝරියන් කැලැන්ඩරය නිර්මාණය කරන්නෙ. ජුලියන් කැලැන්ඩරයේ ඉඳලා ග්‍රෙගොරියන් කැලැන්ඩරයට එද්දි දවස් දහතුනක් අපිට අහිමිවෙනව.
(ජුලියන් කැලැන්ඩරයට අනුව අද දවස විය යුත්තේ පෙබරවාරි 16. )
ග්‍රෙගෝරියන් කන්ඩායම යෝජනාකරනව සීයෙන් පමණක් නොවෙයි හාරසීයෙන් බෙදන්න බැරි වසරවල පෙබරවාරි 29 අයින් කලයුතුයි කියල.

(Leap year occurs every four years, adding an extra day to February .. similar to the Julian calendar. However, years divisible by 100 are not leap years, unless they are also divisible by 400. This refined rule reduces the average year length to 365.2425 days, closer to the actual length of the solar year.)

මේ ගැටළුව අපිට ආපහු සැරයක් මතුවෙන්නෙ 2100 අවුරුද්දේදි. 2096 අවුරුද්දෙ පෙබරවාරි 29 ක් තිබුනත් … 2100 අවුරුද්දෙ පෙබරවාරි 29 ක් නැහැ. නමුත් 2104 අවුරුද්දෙ ආපහු සැරයක් පෙබරවාරි 29 ක් තියනව. (වසර 2000 ගැන මතක් කලොත් සීයෙන් වගේම 400 න් බෙදන්න පුළුවන්.. ඒ නිසා පෙබරවාරි 29 ක් දකින්න තියනව)

1700, 1800, 1900, 2100, 2200, 2300,2500, 2600 වැනි වර්ශවල පෙබරවාරි 29ක් තිබිය යුතුයි හැම වසර හතරකටම සැරයක් ආකාරයට ගනන් හැදුවොත්.
නමුත් මේ කිසිම වසරක පෙබරවාරි 29ක් නැහැ.

පෙබරවාරි 29 ඉපදුනු කෙනෙක්ට 2096 ඉඳලා 2104 වෙනතක් අවුරුදු අටක් බලාගෙන ඉන්න සිද්ධ වෙනව තමන්ගෙ උපන්දිනේ එනතෙක්.

කාලය කියන්නෙ හරි අමුතුම සංකල්පයක්… කාලෙ වෙනස් වෙනව කාලෙන් කාලෙට.

අයින්ස්ටයින් මහත්තයාගෙ කාල අවකාශ න්‍යාය බොහොම නිවැරදියි කියල අපි හිතාගෙන ඉන්නව කාලයක් තිස්සෙ. නමුත් ක්වැන්ටම් න්‍යායන් ගැන වැඩිවැඩියෙන් අවධානය යොමුකරද්දි අයින්ස්ටයින් මහත්තයාටත් වැරදුනාද කියල අපිට හිතෙනව.

කාලය කියන්නෙ වචනයක් විතරමද.?

~ Malcolm Sang

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan