*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රභූ පර්යන්තයෙන් බංගලාදේශයට පිවිසෙයි

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 01, කොළඹ (LNW): බංගලාදේශයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය පැවත්වෙන සිල්හෙට් වෙත වෙත පිටත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් තොටුපළෙන් පිටවීම සඳහා ප්‍රභූ පර්යන්තය යොඳවා තිබුණු අතර විශේෂ ආරක්ෂාවක්ද ලබා දී තිබුණා.සිල්හෙට් හී දී මාර්තු 4 වන දා පළමු තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන සහ තෙවන තරග සඳහා මාර්තු 6 සහ 9 වන දිනවල මුහුණ දීමට නියමිතයි.
තරගාවලියේ එක්දන තරග පැවත්වෙන්නේ චිතගොං හී පිහිටි ෂහූර් අහමඩ් චවුද්රි ක්‍රීඩාංඝණයේදී ය.එහි තරග තුනක් පැවත්වෙන අතර එම තරග තුන පිළිවෙලින් මාර්තු 13,15 සහ 18 යන දිනවල පැවත්වීමට නියමිතව තිබේ.


තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දන තරග නිමා කර නැවත සිල්හෙට් වෙත පැමිණීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වන දා ආරම්භවීමට නියමිතය.දෙවන ටෙස්ට් තරගය ආරම්භ වන්නේ මාර්තු 30 වන දා වන අතර එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නැවත සිල්හෙට් සිට චිතගොං දක්වා පැමිණිය යුතුය.


තරගාවලියට නික්ම යාමට පෙර වනිඳු හසරංග පැවසුවේ මෙම විස්සයි විස්ස තරගාවලිය විස්සයි 20 ලෝක කුසලානයට යාමට පෙර හමුවන එකම තරගාවලිය බවයි. මෙම තරඟාවලියේ හොඳින් දස්කම් දක්වමින් තරඟ තුනම ජයග්‍රහණය කර විශ්වාසයෙන් යුතුව T20 ලෝක කුසලානයට පිවිසීමට බලාපොරොත්තු වීම කණ්ඩායමේ අරමුණ බවයි.


කණ්ඩායමක් ලෙස, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරඟාවලි ජයග්‍රහණය කර, සියලුම ක්‍රීඩකයින් හොඳ මානසිකත්වයක ඉන්නෙ. අපි ඇෆ්ගනිස්තානයට එරෙහිව කළාක් මෙන් බංග්ලාදේශයට එරෙහිවත් අපගේ ක්‍රීඩා රටාව දිගටම කරගෙන යාමයි බලාපොරොත්තුව” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් වනිඳු පවසා සිටිනවා.


වනිඳු සිය කණ්ඩායම හැඳින් වූවේ ලෝකයේ ඕනැම කණ්ඩායමක් සමඟ තරග කළ හැකි මට්ටමේ කණ්ඩායමත් ලෙසයි.


එක්දින තරගාවලිය ගැන කුසල් මෙණ්ඩිස්ගේ අදහස වූයේ පසුගිය එක්දින ලෝක කුසලානයේදී බංග්ලාදේශයට පරාජය වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කරන ලද වැරදි අඩුපාඩු බවයි.එයින් පාඩම් ඉඟෙන ගෙන බංගලාදේශයේ ක්‍රීඩා කර අත්දැකීම් ඇති කණ්ඩායමක් හැටියට තරගාවලිය ජයග්‍රාහීව නිමා කළ හැති බවට කණ්ඩායම සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් ඇති බව ද මෙහිදී මෙණ්ඩිස් අවධාරණය කළා.


ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විශ්වාස කරන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම වැඩි වෙනසකින් තොරව බංගලාදේශයට එරෙහිව ක්‍රීඩා කිරීමටත් ලැබෙනු ඇති බවය.බංගලාදේශ කණ්ඩායමේ දක්ෂතා මෙන්ම අඩුපාඩු ගැන ද හොඳ අවබෝධයකින් පසුවන බව කී ධනංජය තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීම සිය කණ්ඩායමේ අපේක්ෂාව බවත්,ඒ වෙනුවෙන් කණ්ඩායමක් හැටියට හොඳින් මුහුණ දීමට සූදානම් බවත් පෙන්වා දුන්නේය.


බංගලාදේශය මෙම තරගාවලියට පෙර ඩේවිඩ් හෙම්ප් ගේ පිතිකරු පුහුණුකරු තනතුර ස්ථීර කර ඇති අතර පන්දු යැවිමේ පුහුණුකරු ලෙස ඇන්ඩෘ ඇඩම්ස් කැඳවා ඇත.ඒ ආකාරයට බංගලාදේශ ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවට මුහුණ දීමට සූදානම් වෙද්දී,බංගලාදේශ ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ එරට පැවත්වෙන බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් බංගලාදේශයේ විස්සයි විස්ස ක්‍රීඩාව දියුණු කිරීමට පිටුවහලක් නොලැබෙන බවට මාධ්‍ය හමුවේ ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිඳු කරන්නට යෙදිණි.හතුරුසිංහ පෙන්වා දුන්නේ තරගාවලියේ දී බංගලාදේශ දක්ෂයන්ට නිසි තැන ලබා දීමට තරගාවලියේ කණ්ඩායම් කටයුතු නොකරන බවයි.බංගලාදේශ ක්‍රිකට් මේ සඳහා මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බව ද කී හතුරුසිංහ,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද මේ සඳහා මැදිහත් වී එම තරගාවලිය බංගලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් දියුණු කිරීම සඳහා වන තරගාවලියක් කිරීමට අවශ්‍යය සංශෝධන සකස් කළ යුතු බව පෙන්වා දුන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan