ලුතිනන් කර්නල් රත්නප්‍රියබන්දු සමගි ජන බලවේගයට එක්වෙයි

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් දේශබන්දු, දේශමාන්‍ය, ආචාර්ය ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රියබන්දු මහතා අද (1) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රත්නප්‍රියබන්දු මහතාව දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇති කිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කර ඇත.

1971 අප්‍රේල් මස 24 වැනි දින මෙළොව එළිය දුටු ඒ මහතා මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව යුද හමුදාවේ ආධුනික කැඩෙට්වරයකු ලෙස හමුදාවට එක්ව දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා හමුදා සේවයට අවශ්‍ය ඉහළම සුදුසුකම් සපුරා ගැනීමට සමත් විය. වෘත්තීය සුදුසුකම්වලට අමතර සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් ද ලබා ගැනීමට සමත් වූ ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රියබන්දු මහතා යුද්ධයෙන් පසු උතුරේ ජනතාව නැවත පදිංචි කිරීමේ කාර්යයේදී ඉටු කල සේවාව අතිමහත්ය.

වසර 29ක යුද හමුදා සේවය කාලය තුළ ඔහු 2006-2009 කාලය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්‍යයක්ෂවරයා ලෙස කටයුතු කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කර ඔවුන් උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල කටයුතු කිරීමට යෙදවීම, යාපනය කිලිනොච්චි මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයා ලෙස සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 600ක විශේෂ කජු ව්‍යාපෘතියේ අධීක්ෂණ ලෙස ද කටයුතු කර තිබේ.

එසේ ම ජාතික අවශ්‍යතාවකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගෙන විවිධ ව්‍යාපෘති සඳහා යොදවා ගැනීම ද සිදු කරන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගේ මූලිකත්වයෙනි.

මීට අමතරව සිංහ රෙජිමේන්තුවේ 23 වැනි බල ඇණියේ අණදෙන නිලධාරී තනතුර, 53 වැනි සේනාංකයේ පලමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරී, මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ උපදේශක, මන්නාරම ප්‍රාදේශීය මූලස්ථානයේ දෙවැනි ශ්‍රේණියේ සාමාන්‍ය මාණ්ඩලික නිලධාරි ඇතුළු තනතුරු රැසක් හොබවන ලදී.

යුද හමුදාවේ සේවය කරන කාලය තුළ ඔහු පෙන්වූ දක්ෂතා හේතුවෙන් රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් ද්විත්වයෙන් දෙවරක් පිදුම් ලැබූ අතර ඊට අමතරව දේශපුත්‍ර සම්මානය, රිවිරැස මෙහෙයුම් පදක්කම, පුර්ණ භූමි පදක්කම ආදී සම්මාන හා පදක්කම් රාශියකින් ද පිදුම් ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...