TAGS Awards 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානය ආර්පිකෝ රක්ෂණ සමාගමට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW):පසුගියදා පැවැති TAGS Awards 2023 සම්මාන උළෙලේදී දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, නව්‍ය සහ විශ්වාසනීය ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ (දළ ලිඛිත වාරිකය රුපියල් බිලියන 10 දක්වා කාණ්ඩයේ) හොඳම වාර්ෂික වාර්තාව (Annual Report) සඳහා වන ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත්විය. සමාගම මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් දෙවැනි වසර මෙය වීම ද සුවිෂේශ වේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මඟින් සංවිධානය කරනු ලබන TAGS Awards, Transparency (පාරදෘශ්‍යභාවය), Accountability (වගවීම), Governance (පරිපාලනය) සහ Sustainability (තිරසරභාවය) යන ප්‍රධාන කුලුනු හතරෙහි නියෝජනයක් ලෙස නම් කර ඇත.

ඒ අනුව, ‘Strides for Multifaceted Growth’ යනුවෙන් නම් කරන ලදආර්පිකෝ රක්ෂණ සමාගමේ වාර්ෂික වාර්තාවේමූල්‍ය, පාරිසරික, සමාජයීය සහ පරිපාලන වාර්තාකරණයේ නිකැළැල් බවට ලද සහතිකයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැක.

ආර්පිකෝ රක්ෂණ සමාගමට අමතරව ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ සමාගම්, බහුජාතික සමාගම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී ආයතන රැසක් සිය මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණය වෙනුවෙන් මෙහිදී සම්මාන දිනාගත් බව සඳහන් වේ.

ආර්පිකෝ රක්ෂණ සමාගමේ සභාපති රමල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, ″නියාමන අවශ්‍යතාවලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට යමින් අපගේ සදාචාරාත්මක, පරිපාලන, පාරිසරික සහ අනෙකුත් කැපවීම් වෙනුවෙන් අප ගත් වෙහෙස මෙසේ ඇගයීමට ලක්වීම විශාල සතුටක්″ යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...