ක්ලිෆර්ඩ් කුසලාන අවසන් කණ්ඩායම් හතර අතරට සීඑච්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 02, කොළඹ (LNW): ක්ලිෆර්ඩ් කුසලාන ප්‍රතිමළුන් පිටු දැකීමේ පළමු පෙළ රගර් සූරතාවලියේ අවසාන කණ්ඩායම් හතර සඳහා සුදුසුකම් ලබා ගන්නට යුද හමුදා කණ්ඩායම පරාජය කළ සීඑච්. ඇන්ඩ් එෆ්සී. කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.සමස්ත ලකුණු පූවරුව දිස් වුණේ ලකුණු 35 – 27 ක් ලෙසයි.’


තරගයේ පළමු අර්ධය නිමාවේ දී සීඑච් ක්‍රීඩකයින්,යුද හමුදාවෙන් එල්ල වූ යම් අභියෝගයකට මුහුණ දුන්නත් දෙවන අර්ධයේදී සීඑච් ක්‍රීඩකයින් සිය ආධිපත්‍යය විඳහා පාමින් වැඩි පීඩනයක් යුද හමුදාව වෙත එල්ල කළා.පළමු අර්ධය නිමාවේ ඉදිරියෙන් සිටි සීඑච් සහ යුද හමුදා කණ්ඩායම්වල ලකණු තත්ත්වය පිළිවෙලින් ලකුණු 15 – 13 ක් වුණත් දෙවන අර්ධයේදී සීඑච් කණ්ඩායම එයට තවත ලකුණු 20 ක් එක් කර ගනිද්දී යුද හමුදා ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබුණේ ලකුණු 13 ක් එක් කර ගැනීමට පමණයි.


සීඑච් කණ්ඩායම වෙනුවෙන් මේ තරගයේදී උත්සාහක දිණුම් පහක් වාර්තා වුණා.එම උත්සාහක දිණුම් නිරෝෂ් පෙරේරා,දිනේෂ් ලක්ෂාන්,තීක්ෂණ දසනායක,චතුමිණ රාජසිංහ සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන අතරේ එක බැඟින් බෙදී ගියා.එසේම යුද හමුදාව විසින් අනිතික බලපෑම් එල්ල කළ බවට විනිසුරු විසින් පෙනල්ටි ට්‍රයි දිණුමක් ද සීඑච් කණ්ඩායමට ලැබුණු අතර හිරුෂි නෙත්මිණ දඬුවම් පහරකින් සීඑච් කණ්ඩායමට ලකුණු එකතු කරන්නට සමත් වුණා.
යුද හමුදාව වෙනුවෙන් වාර්තා වුණ උත්සාහක දිණුම් ප්‍රමාණය හතරක් ලෙස සටහන් වුණා.ඉන් දෙකක්ම ලසන්න කුමාර වාර්තා කරන්නට සමත් වූ අතර සුදාරක් දික්කුඹුර සම ජනිත් ප්‍රේමජයන්ත ද එක් උත්සාහක දිණුම බැඟින් යුද හමුදා ලකුණු පූවරුවට එක් කළා.අශාන් බණ්ඩාර එම උත්සාහක දිණුම් දෙකක්ම නිවැරදිව ප්‍රවර්ථනය කරමින් එක් දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ද යුද හමුදාව වෙන්වෙන් දස්කම් දැක් වූවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...