මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇති වූ බව පැවසුණු ගැටුමක් සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්කර සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතාට එරෙහි නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.

එම නඩුව අද (02) ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ කොස්තාපල්වරයාව නඩුවෙන් නිදහස් කර ඇත.

මාර්ගය අවහිර කිරීම, සාපරාධී බියගැන්වීම සහ සාපරාධී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබූ නමුත් නඩුවට අදාළව චෝදනා ගොනුකිරීමට පොලීසිය අපොහොසත් වීම හේතුවෙන් මෙසේ සැකකරු නිදහස් කර ඇති බවයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ.

සූරියකන්ද ප්‍රදේශයේ කංසා වැටලීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර ඇති වූ ගැටුමකින් පසු දෙපාර්ශ්වය එකිනෙකාට එරෙහිව නඩු පවරා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...