*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ණය අරන් හදපු කාපට් පාරවල් තියනවා, පාරෙ යන්න තෙල් නෑ – විමල්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක් !

‘මුළු රටම හරි මගට’ ජාතික ප්‍රකාශයනය එළිදැක්වීම ඊ‌යේ (02) සිදු කෙරිණි. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපය, ජානිපෙ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 11 ක් මෙය සංවිධානය කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ රට බරපතල අර්බුදයකට මුහුණදෙමින් සිටින බවයි. එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ නායකයන්ට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවට ඔහු චෝදනා කරනවා.

උද්දච්ඡ මානසිකත්වයකින් කටයුතු කරමින් අභියෝග ජයගත නොහැකි බවත්, ඒ සඳහා සැළැස්මසක් සකස් කළයුතු බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

විදෙස් රටවලින් දැවැන්ත ලෙස ණය ලබාගෙන ඉදිකළ කාපට් පාරවල් රටපුරා තිබෙන බවත්, ජනතාව විවිධ ගැටලුවලින් පීඩා විඳිමින් සිටිද්දී තවමත් කාපට් පාරවල් ඉදි කරමින් සිටින බවත් පෙන්වා දෙන වීරවංශ මහතා පවසන්නේ කාපට් කළ ඇතැම් පාරවල් නැවතත් කාපට් කරන බවයි.

කාපට් පාරවල් තිබුණද ජනතාවට සිය අවශ්‍යතා සඳහා ගමන් බිමන් යාමට ඉන්ධන නොමැති බවත්, වාහනවලට අවශ්‍ය තෙල් සැපයීමට ආණ්ඩුව අසමත් බවත් පවසන වීරවංශ ඇමතිවරයා විමසා සිටින්නේ ‘කාපට් පාරවල් කන්නද ?’ කියාය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan