රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම ගැන අරුන්දික මොකුත් දන්නෙ නෑ – කමිටුව තීන්දු කරයි

Date:

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට කඩා පැන වෛද්‍ය සිසුන් පිරිසකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට එල්ල වූ චෝදනා ඔප්පු වී නොමැති බවයි. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා නිර්දෝෂී බව කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා.

වාර්තාව වැඩිදුරටත් පවසන්නේ අදාල පහරදීම පිළිබඳව අරුන්දික ප්‍රනාන්දු මහතා කිසිවක් නොදන්නා බවයි. ඒ අනුව මෙම පහරදීම සිදුව තිබෙන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතාගේ අනුදැනුම මත හෝ මෙහෙයවීම මත හෝ නොවන බවට කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කරයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට චෝදනා එල්ල වූ පොලිස් අත්අඩංගුවට පත් වූ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. පසුව ඔහු ඇපමත මුදා හැරීමට අධිකරණය තීරණය කළේය.

මෙම ප්‍රහාරය සඳහා අරුන්දික ප්‍රනාන්දු මහතාගේ රාජ්‍ය අමාත්‍යංශයට අයත් වාහනයක් භාවිතා කර තිබූ අතර මේ නිසා අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...