ආණ්ඩු පක්සේ ලොක්කෙකුට පොහොට්ටුවෙන් ටිකට් එක ලැබෙන ලකුණු !

ආණ්ඩු පක්සේ ප්‍රධාන සයිස් තනතුරක් දරණ ලොක්කෙක් ගැන නෙළුම් මාවතේ පක්ෂේ කට්ටිය තීන්දුවක් ගන්න ලෑස්තියි කියලා ආරංචියි.

ජනාධිපතිවරණය ගැන දැන්ම මොකුත් කියන්න අවශ්‍ය නෑ කියලා පක්ෂය තීරණයක් අරන් තියෙද්දී මෙයා එක අපේක්ෂකයෙකුට කාලෙක ඉඳන්ම බැහැලා වැඩ කරන බව රහසක් නොවුණත් නෙළුම් මාවතේ කස්ටිය ඒ ගැන එතරම් ලොකුවට ගණන් අරන් තිබිලා නෑ. ඒත් මෑතක ඉඳන් මෙයා පක්ෂයේ මතය මට වැඩක් නෑ, මට ඕනෙ අපේක්ෂයා නොදැම්මොත් මං ඒ ගැන බලාගන්නම් වගේ ලොකු ටෝක්ස් ඉෂූ කරන්න පටන් අරන් තියෙන නිසා මෙයා ගැන තීන්දුවක් ගන්නය කියලා පක්ෂයේ පහළ මට්ටමෙන් ප්‍රෙෂර් එකක් එන්න පටන් අරන් ලු.

මෙයා කොහොමත් ජනාධිපතිවරණය ළංවෙද්දී අලි පාටියට පනින්නයි බලාගෙන ඉන්නේ කියලා කතාවක් මාස කිහිපයක ඉඳන් පැතිරිලා ගිහිල්ලාත් තිබුණා ලු. ඔය ගැන මෙයාගේ පන්ගහ දිස්ත්‍රික්කේ අයත් පක්ෂේ ඉහළට දැනුම් දීලාත් තිබුණා ලු.

එයා යන්නම නම් බලාගෙන ඉන්නේ, එයා නිසා දිස්ත්‍රික්කය ඇතුළේ පක්ෂයේ සංවිධාන වැඩවලට තවදුරටත් හානි වෙන්න දෙන්න හොඳ නෑ කියන මතය තදටම එළියට ඇවිත් ලු. ඒ අනුව එයා වෙනුවට ඊළඟට ඉන්න කෙනාට එයාගේ ආසන සංවිධායකකම දෙන්නයි යන්නේ කියලා ආරංචියි.

හරියටම මොකක්ද වෙන්නේ කියලා ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙයි. එතකල් පොඩ්ඩක් බලාගෙන ඉමු ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...