ලංකාවේ අවිශ්වාසම චරිතය තමයි සිරිසේන. එයා එක්ක කිසිම දේශපාලනයක් අපට නෑ – විමල්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු දේශපාලන සන්ධානයකට නොයන බව උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රශ්නය – මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් සංධානයක් හදලා තියෙනවා. පුටුව තමයි ලාංඡනය. ඔබතුමාට ආරාධනාවක් නැද්ද ඒකට ?

“නෑ. ආරාධනාවක් තිබ්බත් මෛත්‍රීපාල සිරිසේනත් එක්ක කරන්න දේශපාලනයක් අපට ඉතුරු වෙලා නෑ”

ප්‍රශ්නය – එතුමා ආරාධනා කළොත් ?

“අපෝ … ආරාධනා කරන එකකුත් නෑ, ආරාධනා කළත් අපි බාරගන්නෙත් නෑ”

ප්‍රශ්නය – ඔබතුමාලා එකපාරක් සන්ධානගත වුණා නේද ?

“ඔව් ඉතින් ඊට පහුවෙනිදාම ඒ සන්ධානය කඩා බිඳ දැම්මේ ඔය සිරිසේන නෙ. එකපාරක් එහෙම කළාම ආයෙ පාරක් අපට පුළුවන්ද ඒ මිනිහාව විශ්වාස කරන්න ? ලංකාවේ අවිශ්වාස කළයුතුම චරිතය තමයි ඒ”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ පෙරේදා (02) පාදුක්ක ප්‍රදේශයේ පැවති කුඩා ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...