*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ලංකාවේ අවිශ්වාසම චරිතය තමයි සිරිසේන. එයා එක්ක කිසිම දේශපාලනයක් අපට නෑ – විමල්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු දේශපාලන සන්ධානයකට නොයන බව උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රශ්නය – මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් සංධානයක් හදලා තියෙනවා. පුටුව තමයි ලාංඡනය. ඔබතුමාට ආරාධනාවක් නැද්ද ඒකට ?

“නෑ. ආරාධනාවක් තිබ්බත් මෛත්‍රීපාල සිරිසේනත් එක්ක කරන්න දේශපාලනයක් අපට ඉතුරු වෙලා නෑ”

ප්‍රශ්නය – එතුමා ආරාධනා කළොත් ?

“අපෝ … ආරාධනා කරන එකකුත් නෑ, ආරාධනා කළත් අපි බාරගන්නෙත් නෑ”

ප්‍රශ්නය – ඔබතුමාලා එකපාරක් සන්ධානගත වුණා නේද ?

“ඔව් ඉතින් ඊට පහුවෙනිදාම ඒ සන්ධානය කඩා බිඳ දැම්මේ ඔය සිරිසේන නෙ. එකපාරක් එහෙම කළාම ආයෙ පාරක් අපට පුළුවන්ද ඒ මිනිහාව විශ්වාස කරන්න ? ලංකාවේ අවිශ්වාස කළයුතුම චරිතය තමයි ඒ”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ පෙරේදා (02) පාදුක්ක ප්‍රදේශයේ පැවති කුඩා ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan