*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

විවෘත අංශයේ සූරතා ද්විත්වයක් රශ්මිට,දුලාංජනටත් යුගල යුගලක්!

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 04, කොළඹ (LNW): වයඹ වීවෘත බැඩිමින්ටන් සූරතාවලිය නිමාවට පත් වුණේ කේවල කාන්තා සූරතාවය මෙන්ම කේවල යුගල සූරතාවය ද රශ්මි භාග්‍යා වෙනුවෙන් වෙන් කර දෙමින්.රශ්මි යුගල තරගයේදී එය හිමි කර ගැනීමට වරංගනා ජයවර්ධනගේ දායකත්වය ලබා ගත්තා.කේවල පිරිමි සූරයා වූයේ මේ තරගාවලියේම අවුරුදු 19 න් පහළ කේවල සූරයා ද වූ තිළිණ රාජකරුණායි.මේ තිදෙනාට ශ්‍රී ලංකා බැඩිමින්ටන් ජාතික මට්ටමෙන් ගනු ලබන තීරණවල ප්‍රතිපල පෙන්වන නිදසුන් වීම විශේෂත්වයක


මේ තිදෙනාම ඉකුත් වසරේ මැලේසියාවේ පැවති ඔලිමිපික් ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලැබූවන් වන අතර අද වන විට ජාතික මට්ටමේ බොහෝ ඉහළ තරගකරුවන් අභිබවා පෙරට එන්නට එවැනි අත්දැකීම් ප්‍රයෝජනයට ගන්නට ඔවුන් තිදෙනා සමත් වී සිටිනවා.එසේම එම පුහුණු මඟ පෙන්වීම ඔස්සේ ඔවුන්ව නිවැරදිව මෙහෙයවන්නට එම තිදෙනාගේ පුහුණුකරුවන් ද සමත්ව සිටින බව මේ ජයග්‍රහණ පැහැදිළි කරනවා.


අද පැවති අවසාන තරගවලදී මධුක දුලාංජන ද සූරතා දෙකකට හවුල් වෙන්නට සමත් වුණා.ඔහු පිරිමි යුගල විවෘත සූරතාවය දිනා ගන්නට ලහිරු මධුශාන් විරසිංහ සමඟ එක්ව සමත් වුණා.මිශ්‍ර යුගල සූරතාවය දිනා ගන්නට මධුකට, අනුරංගි හංසමාලි මාස්කෝරාලගේ සහය ලැබුණා.අද පූර්ණ වශයෙන් තරග අංශ තුනක සියලු තරග පවත්වා අහවර කරන්නට යොදුණා.එහිදී එම තරග අංශ දෙකකම සූරතාවලට හිමිකම් කියන්නට හිටපු ජාතික සූරයෙකු වූ දුමින්ද ජයකොඩිට හැකි වුණා.දුමින්ද,ඉනෝකා ජයලත් සමඟ එක්ව වයස අවුරුදු 110 එකතුව මිශ්‍ර යුගල තරගයේ දී ආසියානු ඉසව් පවා ජය ගෙන සිටි රොහාන් ද සිල්වා සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා පරාජය කරන්නට සමත්වීම කැපී පෙණුනා.එසේම අවුරුදු 50 න් ඉහළ පිරිමි යුගල තරගයද දුමින්ද ජය ගත්තේ දර්ශන සේනාරත්න සමඟයි.අදම පවත්වා හමාර කළ අනෙක් තරග අංශය වූ අවුරුදු 55 කාණ්ඩයේ පිරිමි කේවල තරගය ජය ගන්නට සැම්සන් ජයසුන්දර පෙරේරා ට හැකි වුණා.


සමස්ත තරගයේ සූර සූරියන් පිළිබඳව සටහනක් ඉදිරියේ දී පළ කිරීමට බලාපොරොත්තු වෙන අතර තරගාවලිය කුරුණාගල නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණය සහ බෝයගනේ යුද හමුදා කඳවුරට අයත් ගෘහස්ථ ක්‍රිඩාංගණය මුල් කරගෙන පවක්වන්නට යෙදුණා.මේ ඡායාරූපයේ සිටින්නේ සූරතා දෙකටම හිමිකම් කී රශ්මි භාග්‍යා වන අතර වයඹ තරගාවලියේ කේවල සූරතාවලියේ සූරිය වූ අතර යුගල සූරතාවයේ ද සහයිකාවක බවට පත් වෙන්නට ඇයට හැති වුණා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan