චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය ඇරඹේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): අද (4) බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වූ බව සඳහන් වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු පක්ෂ හා රජයේ නායකයෝ එහි ආරම්භක උත්සවයට එක් වූ අතර, චීන මහජන දේශපාලන උපදේශක ජාතික කමිටු‍වේ ප්‍රධාන කාර්යයන් වන්නේ රටේ පාලනය වෙනුවෙන් දේශපාලන උපදේශන ලබාදීම, ප්‍රජාතන්ත්‍රීය අධීක්ෂණය සිදු කිරීම, රජයේ කටයුතුවලට එක් වීම හා අදාළ කරුණු පිළිබඳ අදහස් දැක්වීම වේ.

තවද, ලබන 11වැනි දා දක්වා පැවැත්වෙන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ දෙවැනි සැසිවාරය සඳහා ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර 34ක් නියෝජනය කරමින් දේශපාලන උපදේශකයෝ 2100කට වැඩි පිරිසක් එක් ව සිටින බව සඳහන් වේ.

චීන දේශපාලන, ආර්ථික, සමාජීය ඇතුළු කරුණු රැසක් පිළිබඳවද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...