ගාසා තීරයේ “වහාම සටන් විරාමයක්” අවශ්‍යයි – කමලා හැරිස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විවේචනයට ලක් කරමින් ගාසා තීරයේ “වහාම සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කල යුතු බව අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයට ලැබෙන ආධාර වැඩි කළ යුතු බවද කමලා හැරිස් ප්‍රකාශ කළ බව සඳහන් වේ.

ගාසා තීරයේ මිනිසුන් විඳින දුක සැලකිල්ලට ගෙන හෝ, අවම වශයෙන් ඉදිරි සති හය සඳහා වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බව ඇය මාධ්‍යයට කියා සිටියාය.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය මෙතෙක් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රබලම විවේචනය මෙය බවයි.

නව දේශසීමා හරස් මාර්ග විවෘත කිරීමත්, “අනවශ්‍ය සීමාවන්” පැනවීම අවශ්‍ය නොවන බවත්, ආධාර බෙදා හැරීමට ඉඩ දීමට ඊශ්‍රායලය මීට වඩා වැඩි කාර්යයක් කළ යුතු බවත් කමලා හැරිස් කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට නිදහසට කරුණක් නොමැති බවද ඇය සඳහන් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...