හයිටියේ රැඳවියන් 4,000 ක් බන්ධනාගාරයෙන් පැන යාමත් සමඟ රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගෙවුණු සති අන්තයේදී හයිටියේ අගනුවර පෝට්-ඕ-ප්‍රින්ස් බන්ධනාගාරයට හා Croix des Bouquetsයන රටේ විශාලතම බන්ධනාගාර දෙකට එරෙහිව සන්නද්ධ කන්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් හේතුවෙන් අපරාධකරුවන් 4,000 ක් පැනගොස් 12 දෙනෙකු මිය යාමත් සමඟ රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් හයිටි සන්නිවේදන අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, අපරාධකරුවන් ඇති කළ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් රැඳවියන් කිහිප දෙනෙකු සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලය තුවාල ලැබූ බවයි.

පොර්ට්-ඕ-ප්‍රින්ස් හි බොහෝ ප්‍රදේශ මේ වන විට සටන්කාමී කල්ලි විසින් පාලනය කරනු ලබන අතර ඔවුන් රටේ සෙසු ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සැපයුම් මාර්ග අවහිර කර තිබේ. මැර කල්ලි සාමාජිකයින් විසින් අගනගර ජනගහනය ද භීතියට පත් කර ඇති අතර, 300,000 කට වැඩි පිරිසකට ඉවක් බවක් නොමැතිව මරා දැමීම්, පැහැර ගැනීම්, ගිනි තැබීම් සහ ස්ත්‍රී දූෂණ හේතුවෙන් නිවාස අතැර යන තත්වයට පත්කර ඇත.

හයිටියේ කල්ලි නායක ජිමී චෙරිසියර් එනම් බාබකියු, දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණේ, අගමැති ඒරියල් හෙන්රි නෙරපා හැරීමේ උත්සාහය දිගටම කරගෙන යන බවයි. Cherizier යනු කල්ලිවල සන්ධානයකට නායකත්වය දෙන හිටපු පොලිස් නිලධාරියෙකි. මැතිවරණයක් පවත්වා බලය මැතිවරණයක් පවත්වා බලය ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සම්බාධකවලට මුහුණ දී සිටියි.

පසුගිය බ්‍රහස්පතින්දා ගුවන් තොටුපළ අසල වෙඩි තැබීම් හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවීමට ගුවන් සමාගම්වලට සිදු වූ අතර හයිටි හි එක්සත් ජනපද තානාපති කාර්යාලය සිකුරාදා ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් රට හැර යන ලෙස සිටියේය. එමෙන්ම හයිටියේ ප්‍රංශ තානාපති කාර්යාලය ද නිවේදනය කර තිබුණේ, සඳුදා(04) වීසා සහ පරිපාලන සේවා අත්හිටුවන බවයි.

ගෙවුණු වසර දෙකක කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වඩාත්ම ප්‍රචණ්ඩකාරී මාසය ලෙස ජනවාරි මාසය හඳුන්වා තිබු අතර පොලිස් ස්ථාන, ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ සිරගෙවල් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩත්වයේ මෑත කාලීන වැඩිවීම පෙර නොවූ විරූ ලෙස වර්ධනය විය. ඒ අනුව, ජනවාරිමස පමණක් පුද්ගලයන් 1,100 ක් පමණ මිය ගොස්, තුවාල ලබා හෝ පැහැරගෙන ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...