ඉන්ධන බෙදුම්කරුවන් සහ තෙල් සංස්ථා සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද

Date:

ඉන්ධන බෙදුම්කරුවන් සඳහා ලබාදී තිබුණු 3%ක වට්ටම් මුදල අහෝසි කර වෙනත් ක්‍රමයකට ගෙවීම් සිදුකිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කිරීමත් සමග ඉන්ධන ඇනවුම් කිරීමෙන් ඉවත් වන බව බෙදුම්කරුවන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද අතර ඒ හේතුවෙන් පසුගිය සති අන්තයේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝලිම් ඇතිවී තිබිණි.

කෙසේවෙතත් ඉන්ධන නැවත යථා පරිදි ඇනවුම් කිරීමට තම සංගමය තීරණය කළ බවයි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා ඊයේ (මාර්තු 03) සවස නිවේදනය කළේ.

“සියලුම බෙදුම්කරුවන්ට නැවත යථා පරිදි නැවත ව්‍යාපාරය පෙර පරිදිම කරගෙන යන්න කියලා. මොකද අපිට තේරුණා අපි ගත්ත තීරණය අනුව රටේ මහජනතාවට හානියක් වෙනවා කියලා. අපිට කවුරුවත් කවුරුත් සාකච්ඡාවක් නොදීම තුළින් තමයි මේක මේතරම් දුරදිග ගියේ. දැන් ඒගොල්ලොත් තීරණය අරන් තියෙනවා මේක ඒකපාර්ශවීය කරන්න බෑ මේ අයත් එක්ක සාකච්ඡා කරලා තමයි කරන්න ඕනේ කියන එක. ඒ නිසා අපි ගරු කරනවා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමාටත් එතුමා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා හෙට උදේ 09ට ඇවිල්ලා රැස්වීමට සහභාගී වෙන්න කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා සියලුම බෙදුම්කරුවන්ට හැකි ඉක්මනින්ම පෙර පරිදිම ව්‍යාපාරයට එන්න ඇවිත් ඒ බෙදුම්කටයුතු පෙර පරිදිම කරගෙන යන්න කියලා”

ඒ අනුව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර තිබුණේ තම තීරණයෙහි වෙනසක් නොමැති බවත් බෙදුම්කරුවන්ට ගෙවීම් සිදුකෙරෙන්නේ අලුතින් සකස් කළ ක්‍රමවේදය යටතේ බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...