කොළඹ LNW:නව කම්කරු නීති සංශෝධනයේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ රැකියා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා විශේෂ නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනා අතර, රැකියා බඳවා ගැනීම්, උසස්වීම් සහ පුහුණු අවස්ථාවලදී වෙනස්කොට සැලකීම වැළැක්වීම මෙන්ම අසාධාරණ සේවයෙන් ඉවත් කිරීම් වැළැක්වීම ද ඇතුළත්.
එසේම, ආබාධ සහිත සේවකයන්ට අවශ්‍ය පහසුකම් සහ උපකාරක තාක්ෂණය ලබාදීම සේවායෝජකයන්ගේ නීතිමය වගකීමක් බවට පත් කිරීමට ද යෝජනා කර ඇත.


