රට කැළඹු ඉන්ධන බෙදුම්කරුවන්ට අද CID යන්නත් වෙයි!

කොළඹ LNW:ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා අද (04) ඉන්ධන බෙදුම්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ අනුව අද දහවල් 12.30ට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි.

ඉන්ධන බෙදාහැරීමේදී ලබා දෙන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් මත ඉන්ධන බෙදාහරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපන කරමින්, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් කටයුතු කර ඒ තුළින් මහජනතාව පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

වට්ටම් මුදල සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නාකාරී තත්ත්වය මත ඉන්ධන බෙදුම්කරුවන් පිරිසක් පැවසුවේ ඔවුන් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත්වන බවයි. එම පුවත් සම්බන්ධයෙන් සමාජය තුළ යම් කැළඹීමක් ඇති වූයේ ඉන්ධන හිඟයක් මතුවනු ඇතැයි යන සැකය මතයි.

එම සැකය මත ඉන්ධන පෝලිමක්ද ඇති වූ නමුත් රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවට රජය කරන ලද පැහැදිලි කිරීමට අනුව සමාජය තුළ පැවති නොසන්සුන්තාව සාමානය වූ අතර අද දිනයේ ඉන්ධන බෙදුම්කරුවන් හා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් අතර මතුවූ ප්‍රශ්නකාරී කාරණය සම්බන්ධයෙන් සාකච්ජාවක් ද පැවැත්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...