ලෝකයේ විශාලතම මගී ගුවන් යානය කටුනායකට

තුන් වන වරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත ,ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන එයා බස් ඒ – 380 – 800 වර්ගයේ ගුවන් යානය අද දින (05) අලුයම පැමිණ තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ.කේ.- 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම 03.10ට පැමිණ තිබෙනවා.

මෙම විශාලතම මගී ගුවන් යානය කොරෝනා වසංගතයට පෙර, එනම් 2019 වසරේ දීත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන් යානය තුළ මගීන් 413 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 29 දෙනෙකු සිටිය නුමුත් ඔවුන් කිසිවෙකුත් ගුවන් යානයෙන් පිටතට නොපැමිණි බව සඳහන්.

ඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත්, එම ගුවන් තොටුපළ අහසෙහි මෙම ගුවන් යානයට වට කීපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට මෙම ගුවන් යානයේ ගුවන් නියමුවන් තීරණය කර තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් වටිනා ජෙට් ඒ.-1 වර්ගයේ ඉන්ධන ලීටර් 62,800 ක් මෙම ගුවන් යානයට ලබා දීමට පියවර ගෙන තිබුණා.

මේ සදහා පැය 01 යි විනාඩි 40 ක කාළයක් ගත වී තිබූ අතර මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව අද දින අලුයම 04.50 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...

ජනතාව කැමති වුණත් අකමැති වුණත් රටට අවශ්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහබැංකු අධිපති

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති...