වියදම් අනුපිළිවෙල වෙනස් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය කලමනාකරණය කරගැනීමේ ගැටළුවක – මුදල් රාජ්‍ය ඇමති රංජිත්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ වියදම් අනුපිළිවෙල වෙනස් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය කලමනාකරණය කරගැනීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින මේ මොහොතේ රටේ පවතින ආදායම අනුව වියදම් අනුපිලිවෙලක් සකසා ඒ අනුව කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට – අටලුගම ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ, මේ මාසය තුළ සමෘද්ධි දීමනා, පාසල් පෙලපොත් මුද්‍රණය, වී මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම ආදිය සිදු කිරීමට වියදම් කළයුතු බවත්, ඒ අනුව එම අනුපිලිවෙල වෙනස් කිරීමට සිදුවුවහොත් ගැටථ රාශියකට මුහුණ පෑමට සිදුවන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...

ජනතාව කැමති වුණත් අකමැති වුණත් රටට අවශ්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහබැංකු අධිපති

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති...

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...