*
Friday, May 17, 2024
spot_img

Latest Posts

පරාටේ නීතිය අහෝසි කරන්න රජය තීන්දු කළාට බැංකු පද්ධතිය ඒවා අහන්නේ නෑ. මෙන්න සාක්ෂි – විපක්ෂ නායක සජිත්

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙරට ආර්ථිකයේ කොදු නාරටිය බවත් පසුගිය කාලයේ සිදුවූ ආර්ථික අර්බුධය ඇතුළු හේතු නිසා එම ක්ෂේත්‍රය බරපතල බිඳ වැටීමකට ලක්ව ඇති නිසා අර්බුධයට ලක් වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත සහකම්පනයෙන් යුත් ආර්ථික වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේ කරුණු දැක්වුවත් රජයේ අවධානය ඒ වෙත යොමු නොවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කෙරෙහි ආර්ථික අර්බුධයේ බලපෑම තක්සේරු කිරීමේ සමීක්ෂණයක් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සිදු කර ඇති බවත් එම සමීක්ෂණයේ වාර්තාවට අනුව 2023 වසර ආරම්භ වන විට ආර්ථික අර්බුධය හා කොවිඩ් නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායකයන් 59100ක් තාවකාලිකව වැසී ගොස් ඇති අතර තවත් ව්‍යාපාර 204100ක් ස්ථිර ලෙසම වැසී ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කාන්තා ව්‍යවසායකයන් සතු ව්‍යාපාර 10700ක් තාවකාලිකව සහ 27600ක් ස්ථිර ලෙස වැසී ගොස් ඇති බවත් 52%ක් පමණ කාන්තා ජනගහනයක් පවතින රටක් තුළ අර්බුධයට ලක්වූ කාන්තා ව්‍යවසායකත්වය හා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය යහපත් කිරිම උදෙසා නිශ්චිත වැඩපිළිවෙළක් රජය සතු ද කියා ප්‍රශ්න කර සිටින බවත් එසේ ඇත්නම් එම වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 48.3%ක් වැහිලා

2018 වසරට සාපේක්ෂ 2023 වසර වන විට මධ්‍ය පරිමාණ ව්‍යාපාර 48.3%කින් වැසී ගොස් ඇති බවත් මෙහි සේවකයන් 6-200ත් අතර ප්‍රමාණයක් සේවය කරන නිසා විශාල පිරිසකට සිය ජීවනෝපය මෙන් ම රැකියා අහිමිවීම් ද සිදුව ඇති බවත් මෙම ප්‍රතිවිපාක ගැන අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රැකියා 245400ක අඩුවීමක්

2018 සිට 2022 සිට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසාය ක්ෂේත්‍රයේ රැකියා 245400ක අඩුවීමක් ඇති බවට මෙම සමීක්ෂණයේ ඇති බවත් මෙසේ රැකියා අහිමි වූවන් නැවත රැකියාගත කළයුතු බවත් මේ අතර පුහුණ ශ්‍රමිකයන් සිටින බවත් ඔවුන් නිසි පරිදි කළමනාකරණය නොකිරීම නිසා නැවත ව්‍යාපාර ආරම්භ කිරීමේ දී ශ්‍රම හිඟයක් මතු විය හැකි නිසා ඒ සම්බන්ධ රජය සතු නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

පරාටේ නීතිය අහෝසි කළත් වානිජ බැංකු තවමත් වෙන්දේසි කරනවා

පොලි අනුපාත ඉහළ යාම, ආදායම පහළ යාම නිසා නැවත ගෙවීමේ හැකියාව පහළ යාම හා ණය ගෙවීම පැහැර හැරීම මත ආසාධු ලේඛන ගත කිරීම නිසා ක්ෂුද්‍ර ව්‍යාපාර 39.4%ක් කුඩා පරිමාණ ව්‍යාපාර 47.3%ක් මධ්‍ය පරිමාණ ව්‍යාපාර 50.1%ක් තවදුරටත් මූල්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා ව්‍යවසායකයන් නගා සිටුවීම සදහා මෙම දුෂ්කරතා අවම කරමින් අවශ්‍ය මූල්‍ය සහාය ලබා දිය යුතු බවත් පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති නමුත් එම තීන්දුව හරියාකාරව වානිජ බැංකුවට ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බැංකු පද්ධතිය රජය කියන දේ අහන්නේ නැතිනම් මොකටද ආණ්ඩුවක්

මහබැංකුව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛනයක් නිකුත් කළ යුතු බවත් එසේ බැංකු පද්ධතිය මෙම නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් පරාටේ නීතිය යටතේ වෙන්දේසි කරන දේපල තක්සේරු කරන්නේ අදාළ මූල්‍ය ආයතනය නිසා එම දේපලවලට නිසි වටිනාකමක් හිමි නොවී ඇති නිසා නියම වටිනාකමක් තක්සේරුකරණය හා ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මෙම නීතිය ක්‍රියාත්මක කරන්න යම් කාලයක් යනවා නම් මහබැංකුවට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හැකියාවක් ඇති බවත් මේ තරම් වේගයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන බැවින් වහාම මහබැංකුව හරහා චක්‍රලේඛයක් නිකුත් කර මෙම වෙන්දේසිකිරීම් නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan