ට්‍රම්ප්ගේ යෝජනාව පැත්තකට දමමින් ගාසාවට අරාබි නායකයින්ගෙන් නව වැඩපිළිවෙලක්!

Date:

කොළඹ LNW:ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ නව සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන සැලැස්ම වෙනුවට අරාබි නායකයින් ඩොලර් බිලියන 53 ක විකල්ප සැලැස්මක් අනුමත කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ අදහස වී තිබෙන්නේ ගාසා තීරය ඇමරිකාවට පවර ගෙන එහි ඉදිරි සංවර්ධනය සැලසුම් කිරීමටයි. එවිට පලස්තීනුවන් පමණක් නොව තවත් බොහෝ දෙනා සාමයෙන් වසනු ඇති බවට ට්‍රම්ප් යෝජනා කර තිබේ.

ඊට ඊශ්‍රායලයද සහය දක්වා තිබුණ නමුත් පලස්තීනය ඇතුළු අරාබි රටවල් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව අරාබි නායකයින් ගාසා වෙත නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ගාසාව අත්පත් කර ගැනීම හා මිලියන දෙකකට අධික පලස්තීනුවන් වෙනත් තැනක පදිංචි කිරීම ඇතුලත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසට ප්‍රතිවිරුද්ධවයි.

අරාබි නායකයින් විසින් ඊජිප්තු අගනුවර කයිරෝ හි පැවති හදිසි සමුළුවකදී එය අනුමත කිරීමටද කටයුතු කර ඇත.

එම සැලැස්ම පිටු 91කින් යුත් ලේඛනයක් ලෙස එළිදක්වා තිබෙන අතර ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි සිය ආරම්භක අදහස් දැක්වීමේද සඳහන් කර තිබුනේ මෙම සැලැස්ම කල්පවත්නා විසඳුමක් ලබා දෙනු ඇති බවයි.

නව සැලැස්ම මගින් ගාසා තීරය, සුදුසුකම් ලත් තාක්ෂණවේදීන්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක් මගින් තාවකාලිකව පවත්වාගෙන යාමට යෝජනා කර ඇත.

මේ අතර හමාස් සංවිධානයේ අත්අඩංගුවේ පසුවන සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් එකදු හාමාස් සමජිකයකුවත් ඉතිරි නොකරන බවටද ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...