*
Thursday, March 6, 2025
spot_img

Latest Posts

(BREAKING) බුවනෙක අන්තිම හතරට – ආණ්ඩුව තවමත් තරගාවලිය නොදන්න ගාණට ඉවත බලාගෙන

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 06, (LNW)කොළඹ

HUNDRED Sri Lanka International Series 2025 තරගාවලියේ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බුවනෙක ගුණතිලක සමත් වුණා.ඒ ඉන්දියාවේ නරේන් ශංකර් පරාජය කරමින්.එහිදී බුවනෙක 21-17 ලෙස නරේන්ව පරාජය කරන්නට සමත් වුණා.දෙවන වටයේදී යම් අලස ක්‍රීඩා රටාවක් පෙන් වූ බුවනෙක එම වටයේදී 12 – 21 ක් ලෙස පරාජය වූ අතර එම වටයේ දී නරේන් ලකුණු 11 ක් වන තෙක්ම බුවනෙක ලකුණු ලබා ගත්තේ නැහැ.එහෙත් තෙවන වටයේදී යළිත් පිබිදුණු බුවනෙක එම වටය ලකුණු 21 – 13 ක් ලෙස ජය ගනිමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට මඟ විවර කර ගත්තා

අවසන් 16 දෙනාගේ වටයෙන් ඉහළට පැමිණිමට බුවනෙකට හැකි වුයේ මැලේසියානු ක්‍රීඩක ඩැරල් සෙන් ෂිඇන් තරගයේ අතරමඟ ඉවත්වීම නිසයි.මැලේසියානු ක්‍රීඩකයා ඒ වන විට පළමු වටය 21 – 9 ක් ලෙස ජයගෙන සිටි අතර ඔහු ඉවත්වන විට ද 4-1 ක් ලෙස ඉදිරියෙන් සිටියා.ඒ ලද අවස්ථාව ඉහළින්ම සමරමින් ඉන්දීය ක්‍රීඩකයා පරාජය කරමින් අවස්න පූර්ව වටයට පිවිසි බුවනෙකට එම තරගයේදී, ඉන්දියාවේ තුෂාර් සුවීර් සහ කොරියාවේ කිම් බයියුන්ග් ජේ අතර තරගයේ ජයග්‍රාහකයා හමුවීමට නියමිතයි.
දහසය දෙනාගේ වටය නියෝජනය කළ තවත් ලාංකේය ක්‍රීඩකයෙකු වන රසිඳු හෙන්දහේවා තරගය අතර තුර ඉවත් වුණා.ඒ නිසා ඔහු සමඟ තරග වැදුණු ජින්පෝල් සොන්නාට ඉදිරියට යාමට අවස්ථාව හිමි වුණ අතර ඔහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දුනීසියාවේ ජිලෑන්ග් ෆජාර් සමඟ තැග වැදීමට නියමිතව සිටිනවා.
මේ වන විටත් තරගයේ ලෝකඩ පදක්කම් හිමිකාරයෙකු වී සිටින බුවනෙකට,අවසන් පූර්ව තරගය ජයගෙන රන් – රිදී වෙනුවෙන් තරග කරන සමාප්ත සටන ද ජය ගන්නට සුබ පතනවා.මේ තරගයට ශ්‍රී ලංකාවේ අංක එකේ සූරයා වන විරේන් සිය සෞඛ්‍ය තත්ත්වය මත සහභාගි නොවන අතර එම අඩුව පිරවීමට මේ වන විට බුවනෙක සමත්ව සිටිනවා.ප්‍රධාන තරග සැළසුමේ සිටි ශ්‍රී ලංකාව නම් කර ක්‍රීඩකයින් අතරින් දුමිදු සහ රසිඳු දෙදෙනාම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීම්වල මුල් දහදෙනා නියෝජනය කළත්,එසේ නම් නොකර සිටි හිටපු ජාතික සූරයෙකු වන බුවනෙක රට වෙනුවෙන් මේ දස්කම ඉදිරිපත් කිරීම අගය කළ යුතු වෙනවා.
මේ තරගාවලිය අසාර්ථක කරන්නට සහ ලංකාවට අහිමි කරන්නට තරමේ නොසළකා හැරීම් විශාල ප්‍රමාණයක් සිඳු කළ ආණ්ඩුවේ ක්‍රීඩාවට සහ සංචාරක කටයුතුවලට සම්බන්ධ ආයතන විසින් අත් කර දෙන්නට හැදූ අප කිර්තිය රටේ කීර්තියට ඉතුරු කර තබන්නට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දැක් වූ උද්යෝගය සහ වෙහෙස ද ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan