විදේශ අධ්‍යාපන සහතික ප්‍රශ්න කිරීමත් සමඟ ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12:
ඉන්දුනීසියානු උප ජනාධිපති, හිටපු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ පුත්‍රයා වන 39 හැවිරිදි ජිබ්රාන් රකබුමින් රාකාගේ අධ්‍යාපන සුදුසුකම් සහ උප ජනාධිපති ධුරය දැරීමට ඇති නීතිමය සුදුසුකම් සම්බන්ධයෙන් මෑතකදී මතුවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු විදේශ රටකදී ලබාගත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ඉදිරිපත් කළ ලේඛන මැතිවරණ නීතිමය අවශ්‍යතා සපුරාලන්නේද යන්න සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා ප්‍රශ්න මතු කර තිබූ අතර දේශපාලන පක්ෂ අටකට අයත් මන්ත්‍රීවරුන් 120 දෙනෙකු විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝග ක්‍රියාවලියක් ආරම්භ කිරීමට අදාළ පෙත්සමක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ සමඟ පැවති සාකච්ඡාවකදී ද මීට පෙර ඉල්ලා අස්වීමේ අදහස ගිබ්‍රාන් ප්‍රකාශ කර තිබූ අතර, දේශපාලන මතභේදය තවදුරටත් දිග්ගැස්සීම වැළැක්වීම තම අරමුණ බව සඳහන් කර තිබේ.

ඉන්දුනීසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උප ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට නව මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන අතර ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන අපේක්ෂකයන් දෙදෙනෙකු අතරින් දින 60ක් ඇතුළත නව උප ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය.

1998 වසරේ සුහර්තෝ පාලනය අවසන් වීමෙන් පසු ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලින් අනතුරුව, ධුර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වූ පළමු ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ලෙස ද ගිබ්‍රාන් ඉතිහාසයට එක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෑත ඉතිහාසයේ අපේක්ෂිත ආදායම ඉක්මවා උපයා ගත එකම ආණ්ඩුව අපි – ජනපති අයවැය කතාවේදී කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසර 68කට පසු අයවැය හිඟයේ අඩුම අගය...

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සහනය වෙනුවෙන් බිලියන 147කට වැඩි මුදලක් වැය කළා – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතයට ඉන්ධනවලින් වන...

ජනපති අයවැය කතාව අරඹයි!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...

කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමක් පොලිස් භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: අනුරාධපුර රුවන්වැලි සෑය අභියස...