කර්ණාටක ප්‍රාන්තය ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන තීන්දුවක් ගනී!

කොළඹ LNW:ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවරගෙන තිබේ.

ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා ඒ බව නිල වශයෙන් අද (6) ප්‍රකාශ කර තිබෙන අතර ඒ අනුව දකුණු ඉන්දියාව තුළ සමාජ මාධ්‍ය භාවිතය තහනම්කළ පළමු ප්‍රාන්තය බවට කර්ණාටක පත්විය.

ළමුන්ට ජංගම දුරකථන භාවිතය වැඩිවීමේ අහිතකර බලපෑම් වැළැක්වීමේ අරමුණින් වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ බවයි ප්‍රාන්ත මහඇමතිවරයා පවසන්නේ.