රත්නපුර මහාධිකරණය අසලදී ඇසිඩ් ප්‍රහාරයක්. පාරේ ගිය දරුවන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙක් රෝහලට !

0
529

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී ඊයේ (06) උදෑසන පුද්ගලයකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එයින් පස්දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ මාරක රිය අනතුරක් සම්බන්ධ නඩුවකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණෙමින් සිටි පුද්ගලයකු, ඔහුගේ බිරිඳ සහ සිද්ධිය අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවන් තිදෙනෙකි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී රත්නපුර නව නගරයේදී මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ පැමිණි තරුණයකු මියගොස් තිබුණු අතර ඊයේ දිනයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම සිද්ධියට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරු ඉලක්ක කරගනිමිනි.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාළ රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

RN