පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුනි පුළුවන් නම් එන්න.අපි 15 කොළඹ වටලනවා – SJB (VIDEO)

Date:

එළඹෙන 15වැනිදා සමඟි ජන බලවේගය විසින් කොළඹ වැටලීමට නියමිත අතර පොහොට්ටුවේ චණ්ඩි මන්ත්‍රීවරුන්ට ඊට සූදානමින් සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (07) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

අද පෙරවරුවේදී කෝට්ටේ පිහිටි සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ විරෝධයක් සංවිධානය කර තිබුණු අතර එම විරෝධය අතරතුර සමඟි ජන බලවේගයේ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි.

මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බව පැවසූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැනි ක්‍රියාවලට ප්‍රතික්‍රියා දක්වන්නේ මෙවැනි බොළඳ,මෝඩ ආකාරයට නොව බවයි.

මධුර විතනගේලාට වඩා ආණ්ඩුවට කඩේ ගිය විමල් වීරවංශ,උදය ගම්මන්පිල වැනි අයට දැන් සිදුව තිබෙන දේවල්වලටත් වඩා දේවල් මධුර විතනගේලාට ඉදිරියේදී සිදුවනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

මේ අතර මධුර විතානගේ මහතාද ආණ්ඩුවේ සිටින තවත් වැඩ බැරි ටාසන් කෙනෙකුගේ තත්ත්වයට පත්ව ඇති බවයි විජේසිරි මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...