සමාරම්භයට සේන් රූමතියෙගේ දායකත්වය

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 08, කොළඹ (LNW): දැවන්තකමෙන්ද ආකර්ශණීය බවින් ද අනූන “සේන් නදිය” ප්‍රංශය රූමත් කරන්නීය.ඟඟ දෙපස හැඩ දකින මේ රූමතිය කිලෝමීටර් 777 ක් දිගුය.හැඩෙන්ද,ගැඹුරෙන්ද,දැවන්ත කමෙන්ද අනූන සේන් රූමතිය සාගරයේ ගමන් ගන්නා නැය් ගමන් කරන්නට තරම් දැරීමේ හැකියාවෙන් පොහොසත් බොහෝ කොටසක හිමිකාරීත්වයෙන් සවිමත්ය.පරිසියට ආසන්නයේ පමණක් එහි ඇති පාලම් ප්‍රමාණය 37 කි.හරියට රූමත් ලලනාවකගේ ස්වරූපය තවත් හැඩ කරන පවලම් බඳු මේ පාළම් අතර ලෝකයේ දිගම නවවන කේබල් රැඳවුම් පාලම වන Pont de Normandie ද වේ.

මේ මොහොතේ ප්‍රංශය සූදානම් වෙන්නේ ලෝකයම එකතු වෙන ලොවේ මහා ක්‍රීඩා මංගල්ලය වෙනුවෙන්ය.ලෝකයට සිය අභිමානය කියන්නට ප්‍රංශයට ලැබෙන මේ උත්තරීතර අවස්ථාවේ දී තරගාවලිය පැවත්වෙන පැරිස් නුවර,ලස්සන කරමින් ගලා යන සේන් රූමතිය අමතක කර දමන්නට ඔවුන් සූදානම් නැත.ඒ නිසා අඩුම තරමේ ප්‍රේක්ෂකයන් 326,000 දක්වා පිරිසක් සජීවීව නරඹනු ඇතැයි අපේක්ෂා කරන ලොව පුරා සියල්ලම ඩිජිටල් තාක්ෂණයෙන් සහ රූපවාහිනි තාක්ෂණයෙන් නරඹන ඔල්මිපික් සමාරම්භක උළෙල හැඩ කරන්නට සේන් රූමතිය එකතු කර ගන්නට ප්‍රංශය අපූරු වැඩ සටහනක් සූදානම් කර ඇත.

ඒ අනුව ඔලිම්පික් සමාරම්භ උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු වන්න නියමිතව ඇත්තේ බෝට්ටු 94 කින් ය.මුලදී මෙයට යම් යම් විරෝධතා තිබුණත් මේ වන විට සියල්ල විසදී අවසන්ය.මෙහි ආරක්ෂාවට බොට්ටු 86 ක් යෙදවීමට ද නියමිතය.එසේ වූ කළ සමාරම්භය බෝට්ටු 180 ක ජල මත දිග හැරෙන පෙළහරක් බඳු පෙරහැරක්ය.මෙවැනි අපූර්වත්වයන් කරන්නට රසක් ඇති ඇසක් සහ හිතක් ඇති රටක් ගැන හැඟීමක් ඇති ප්‍රංශ ඔලිම්පික් සත්කාරත්වය තබන අලුත් පියවරවල් ගණනාවක් මේ උළෙලෙන් ඔලිමිපික් ඉතිහාසයට අලුත් පිටුවල ලියන කතා හැටියට එක්වෙනු නිසැකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...