කාටුන් කියන්නේ නිදහසේ ප්‍රකාශනයක් – ජනාධිපති

Date:

කොළඹ LNW:ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් වන කාටූන් නිර්මාණ තුළින් එම රටේ ස්ථාපිත වී ඇති නිදහස පෙන්නුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක නිදහස් කාටූන් නිර්මාණ බිහි නොවන බව කී ජනාධිපතිවරයා සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට ලැබීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව කරන්නේ.

ඉකුත් අර්බුද සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

පසුගිය කාලයේ රජය අසීරුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් අද රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා අද අප රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටස බව ද පවසනවා.

”මෙම නිර්මාණයට අදාළ කාල වකවානුව වන 2021-2023 කාලය දැන් අපට අමතක වෙලා තිබෙනවා. මම වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ කාටුන් නිර්මාණයක් මෙම පොතෙහි ඇතුළත් වෙලා තිබෙනවා මම දුටුවා. මට එම අවස්ථාවේ දිවුරුම් දෙන්න තැනක් තිබුණේ නැහැ. ආණ්ඩුවේ කාර්යාලයකදී එය සිදු කිරීමට බිය වුණේ ඒවා ගිනි තබයි කියලා. අනතුරුව අගවිනිසුරුතුමාට දැනුම් දී වාලුකාරාම විහාරස්ථානයේදී මම දිවුරුම් දෙනු ලැබුවා.

එවැනි තත්ත්වයකයි එදා අපේ රට පැවතුනේ. ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුව වට කර තිබුණා. හමුදාවේ මැදිහත්වීමෙන් එය නවතා ගැනීමට හැකි වුණා.

මෙම කාලය තුළ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට අපට සිදු වුණා. ඒ වගේම රටේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් පියවර ගැනීමට සිදු වුණා. මේ කාලය තුළම විකට චිත්‍ර 2000ක් පමණ නිර්මාණය වෙලා තිබෙනවා. අප ඒකාධිපති රාජ්‍යයක් නම් මෙවන් නිර්මාණ බිහි විය නොහැකියි. මෙම නිර්මාණ බිහිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බව කිවයුතුයි. අපහාස නීතිය ඉවත් කිරීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.

අද පොත් ලියන්න පුළුවන්. රූපවාහිනි, ගුවන් විදුලි, චිත්‍රපටි ඕනෑම නිර්මාණයක් සිදු කළ හැකියි. ඒ නිදහස තිබෙනවා. මේ රටේ සර්වජන ඡනද බලය ලැබුණේ 1931 වර්ෂයේදීයි. ඒ කාලයේ සිට මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. විපක්ෂය තහනම් කළේ නැහැ. විපක්ෂ නායකයෝ සිරගත කළේ නැහැ. ප්‍රශ්න තිබුණා.

නමුත් මැතිවරණයකින් පසු එම ප්‍රතිඵල පිළිගෙන ඒ අනුව පරාජය භාරගෙන බලය භාරදී ඉවත් වුණා. ආසියාවේ එසේ සිදු වූ එකම රට අපේ රට පමණයි. අපි අතර කෙතරම් ප්‍රශ්න තිබුණත් අප ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක්.” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...