*
Sunday, March 16, 2025
spot_img

Latest Posts

Kristalina Georgievaගෙන් ජනපති අනුරට සුබ පැතුම්!

රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය අතර මාර්ගගත හමුවක් පවත්වා ඇති අතර,එහිදී  ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

2023 මාර්තු මාසයේදී ආරම්භවූ මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ ගිවිසුමේ අඩක් මේ වනවිට සාර්ථකව නිමකර තිබේ. 2022 වසරේ මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලද අඛණ්ඩ සහය වෙනුවෙන් එහිදි ජනාධිපතිවරයා සිය කෘතවේදිත්වය පල කළ බව පැවසේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව ශක්තිමත් කිරීම, අවධානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහය වීම හා පාලනය ශක්තිමත් කිරීම ආදි අංශවලින් මෙරට ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා එහිදී ඇයට පෙන්වා දුන් අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද සහයෝගයද මෙම හමුවේදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇති බවද,ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සාර්ව ආර්ථික ස්ථායිතාව සහතික කිරීම හා  විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තුන්වන සමාලෝචනය සම්පුර්ණ කිරීම මෙන්ම බැඳුම්කර හුවමාරුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ජෝර්ජියේවා මහත්මිය එහිදී ජනාධිපතිවරයාට සුබපැතුම් එක්කර තිබේ.

ප්‍රධාන ප්‍රතිසංස්කරණ කිරීමේදී ශ්‍රී ලංකාව දරණ උත්සාහය කළමණාකරණ අධ්‍යක්ෂවරියගේ පැසසුමට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය වීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි කැපවීම ඇය එම හමුවේදී යළි තහවුරු කළේ ය.

විශේෂයෙන් ඉහළ ගෝලීය අවිනිශ්චිතතා, ගෝලීය ආර්ථික වර්දනයෙහි මන්දගාමිත්වය සහ ගෝලීය ණය මට්ටම් ඉහල යාම හමුවේ යහපාලන රාමු සමග සාර්ව ආර්ථික මුලධර්ම ශක්තිමත් කිරීමේ වැදගත්කමද එම හමුවේදී කළමනාකරණ අධ්‍යක්ෂවරිය අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ශක්තිමත් ජනවරම පිළිබිඹු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග තවදුරටත් ඉදිරියට යාමට සහ එකඟ වූ ඉලක්ක ජනතාවගේ අභිමථාර්ථයන්ට යටත්ව සම්පූර්ණ කර ගැනීමේ සූදානම පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී යළි තහවුරු කර තිබේ.

මේ අතර, මෙම හමුව පිළිබඳ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය x පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාට සුබපැතුම් එක්කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan