කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය අතර මාර්ගගත හමුවක් පවත්වා තිබේ.
එහිදී ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව ශක්තිමත් කිරීම, අවධානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහය වීම හා පාලනය ශක්තිමත් කිරීම ආදි අංශවලින් මෙරට ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය ජනාධිපතිවරයා එහිදී ඇයට පෙන්වාදී තිබේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද සහයෝගයද මෙම හමුවේදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇත.
සාර්ව ආර්ථික ස්ථායිතාව සහතික කිරීම හා විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තුන්වන සමාලෝචනය සම්පුර්ණ කිරීම මෙන්ම බැඳුම්කර හුවමාරුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ජෝර්ජියේවා මහත්මිය එහිදී ජනාධිපතිවරයාට සුබපැතුම් එක්කර තිබේ.
ප්‍රධාන ප්‍රතිසංස්කරණ කිරීමේදී ශ්‍රී ලංකාව දරන උත්සාහය කළමණාකරණ අධ්‍යක්ෂවරියගේ පැසසුමට ලක්ව ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය වීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි කැපවීම ඇය එම හමුවේදී යළි තහවුරු කර ඇත.
විශේෂයෙන් ඉහළ ගෝලීය අවිනිශ්චිතතා, ගෝලීය ආර්ථික වර්දනයෙහි මන්දගාමිත්වය සහ ගෝලීය ණය මට්ටම් ඉහල යාම හමුවේ යහපාලන රාමු සමග සාර්ව ආර්ථික මුලධර්ම ශක්තිමත් කිරීමේ වැදගත්කමද එම හමුවේදී කළමනාකරණ අධ්‍යක්ෂවරිය අවධාරණය කර ඇති බව සඳහන්.
ශක්තිමත් ජනවරම පිළිබිඹු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග තවදුරටත් ඉදිරියට යාමට සහ එකඟ වූ ඉලක්ක ජනතාවගේ අභිමථාර්ථයන්ට යටත්ව සම්පූර්ණ කර ගැනීමේ සූදානම පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී යළි තහවුරු කර ඇත. මෙම හමුව පිළිබඳ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය x පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාට සුබපැතුම්ද එක්කර ඇත.
2022 වසරේ මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට ශ්‍රී ලංකා රජයට සිදුවූ අතර 2023 මාර්තු මාසයේදී ආරම්භවූ මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ ගිවිසුමේ අඩක් මේ වනවිට සාර්ථකව නිමකර තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
