ආණ්ඩුව බරපතල මානසික රෝගයකින් පෙළෙනවා – ගම්මන්පිල (VIDEO)

Date:

ආණ්ඩුව මේ වන විට ඉලෙක්ෂන් ෆෝබියා නමැති මානසික රෝගයෙන් පෙළෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (08) නිදහස් ජනතා සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය,

මුදල් අමාත්‍යාංශ ලේකම් ඊයේ දින මැතිවරණ කොමිසමට පැමිණීම වළක්වමින් සාමාන්‍යයෙන් බදාදා දින පැවැත්වෙන ජාතික ආරක්ෂක සභාව ඊයේ දිනයේ කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු බවයි ගම්මන්පිල මහතා කියාසිටියේ.

ආණ්ඩුව මැතිවරණයට බියෙන් පසුවීම හේතුවෙන් එය කල්දමා ගැනීම සඳහා කළ හැකි ඕනෑම දෙයක් කිරීමට ඔවුන් කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් හැමදාමත් හැංගි මුත්තන් සෙල්ලම් කළ නොහැකි බැවින් භාණ්ඩාගාරයේ ලේකම්වරයා වහාම මැතිවරණ කොමිසම හමුවී මුදල් ලබාදිය හැකි ආකාරය පැහැදිලි කළ යුතුව ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මුදල් සපයා ගත හැකි විකල්ප ආකාර හතරක් ගැන මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇති නිසා එය අධිකරණයටත් භාණ්ඩාගාර ලේකම්වරයාටත් දැනුම් දී ඔවුන් තවදුරටත් කොටුකර ගැනීමට මැදිහත්වන ලෙස ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවිධිමත් රැකියාවල නියැලෙන්නන් වෙනුවෙනුත් විශ්‍රාම වැටුපක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජන­ග­හ­න­යෙන් තුනන් දෙකක් වන අවි­ධි­මත් රැකි­යා­වන්හි නියැ­ළෙ­න්නන්...

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...