ගාසා ප්‍රහාරයකින් මාධ්‍යවේදිනියක් ඝාතනය වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ නියුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අමල් ෂමාලි නම් පලස්තීන මාධ්‍යවේදිනිය මිය ගිය බව වාර්තා වේ.

කටාර් ගුවන් විදුලියේ සේවය කළ ඇය, වත්මන් ගැටුම් මධ්‍යයේ සිය රාජකාරිය ඉටුකරමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

2023 වසරේ සිට මේ දක්වා මාධ්‍යවේදීන් 270කට අධික පිරිසක් ගාසා තීරයේදී ඝාතනය වී ඇති බවත්, මෙය නූතන ඉතිහාසයේ මාධ්‍ය ක්ෂේත්‍රයට එල්ල වූ දරුණුතම බලපෑම බවත් මෙහි සඳහන් වේ.

පලස්තීන මාධ්‍යවේදීන්ගේ සංගමය මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින අතර, මෙය සත්‍යය යටපත් කිරීම සඳහා එල්ල කරන ලද සැළසුම්සහගත ප්‍රහාරයක් ලෙස ඔවුන් හඳුන්වයි.

ජාත්‍යන්තර සංවිධානවල දත්ත පෙන්වා දෙන්නේ ලෝකයේ මාධ්‍යවේදීන්ට වඩාත්ම භයානක කලාපය බවට වර්තමානයේ පලස්තීනය පත්ව ඇති බවයි.