ජනපති කෙරේ ඇති ආර්ථික විශ්වාසනීයත්වය ගිලිහී යනවා ද?

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): රට ආර්ථික අර්බුදයෙන් මුදවාගෙන යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව සහ දැක්මක් ඇති දේශපාලන නායකයා කවුරුන් ද යන්න ඩේලි මිරර් පුවත්පත විසින් සිදුකළ මාර්ගගත මත විමසුමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියයට 50 කට වඩා අවම ජනප්‍රියත්වයක් උසුලා ගෙන තිබෙන බව වාර්තා වේ.

Which political party leader has the vision and the capability to put Sri Lanka on a recovery path and lead to sustainable development?” නමින් පවත්වා ඇති එම මාර්ගගත ඡන්ද විමසුමේදී ජනාධිපතිවරයා ලබා ගෙන තිබෙන්නේ සියයට 45 කට වඩා අවම පමණ ඡන්ද ප්‍රතිශතයක් වන අතර, ඉතිරි ඡන්ද බෙදී ගොස් තිබෙන්නේ විකල්ප දේශපාලන බලවේග වෙත ය.

ඩේලි මිරර් පුවත්පතේ මත විමසුමේ දී රට යහමඟට ගැනීමට සුදුසුම පුද්ගලයා ලෙස සියයට 25 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමත්ව ඇති අතර, සියයට 15 කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමඟි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමත් ව තිබේ.

මේ අතර, සියයට 10 කට අවම ප්‍රමාණයක් මෙකී එකඳු දේශපාලන නායකයකුට හෝ රට යථා තත්ත්වයට පත්කළ නොහැකි බව පෙන්වමින් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

සමස්තයක් ලෙස සියයට 55 ක පමණ ප්‍රතිශතයක් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපතිවරයා ලබාගෙන තිබෙන්නේ සියයට 44 ක පමණ ඡන්ද ප්‍රතිශතයකි.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සහ සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම ආදී කරුණු හේතුකොට ගෙන වත්මන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයට ප්‍රභල චෝදනා කිහිපයක් ම එල්ලවන පසුබිමක මෙම ඩේලි මිරර් මත විමසුමේ ප්‍රතිඵල විකාශය වීම ද විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...