*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

බැසිල් දැන් වැඩ කරන්නේ ජයශංකර් කියන විදිහටද?

විපක්ෂය මෙන්ම ස්වාධීන ආර්ථික විශේෂඥයින් පසුගිය කාලයේදී දිගින් දිගටම කියා සිටියත් මහ බැංකුව විසින් රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම නිසා රටට ඩොලර් බිලියන 04 ක පමණ දැවැන්ත පාඩුවක් වූ බවත් හිටි හැටියේම නින්දෙන් ඇහැරුණාක් මෙන් රුපියල 230 ක් දක්වා මහ බැංකුව අවප්‍රමාණය කළේ ඉන්දියාවේ බලපෑම නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රුපියල බදාගෙන හිටපු මහ බැංකුව ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතාගේ දුරකතන ඇමතුමෙන් පසුව සලිත වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ දුරකතන සංවාදයෙන් පසුව හිටිහැටියේ මෙම තීරණය ගත්බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“දැන් ලංකාවේ රුපියලේ අගය තීරණය කරන්නේ ජයශංකර්ද? මේ ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1000 ක ණයක් ගන්න යනවා. ඒකට ඉන්දියාව කොන්දේසි දාල තියනව බව අනාවරණය වෙනවා. මේ රුපියල අවප්‍රමාණය කරන්නෙත් එහි එක කොන්දේසියක් විදිහට. මේ තීරණය ගන්න ඉන්දියාව කියනකම්ම ඉන්න ඕනද? මේ ආණ්ඩුවට මොළයක් කියල දෙයක් නැද්ද?” යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි.

ඔහු අවධාරණය කරන්නේ රුපියල 230 ක් දක්වා කෘත්‍රිම ලෙස අවප්‍රමාණය කිරීමත් අතීසාරයට අමුඩ ගැසීමක් පමණක් බවයි.

මේ තුළින් වෙළෙඳපොළ බලවේගවලට අනුව නිදහසේ රුපියලේ අගය තීරණය නොවන බව පෙන්වාදෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඩොලරයක මිල රුපියල් 230 ක මිලකට කෘත්‍රිමව පාලනය කිරීමද අපහසු එකක් වනු ඇති බවයි.

මේ නිසා, මේ ආණ්ඩුව කිසිදා නිවැරදි තීන්දු නොගන්නා බව පවසන මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන්නේ මෙවැනි අපැහැදිලි තීරණ නිසා මේ වනවිට මූල්‍ය වෙළෙඳපොළ ව්‍යාකූලත්වයට පත්වී තිබෙන බවයි.

එක් අතකින් රටට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඩොලර් හිඟයක් නිර්මාණය වී තිබෙන අවස්ථාවක රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමේ බලපෑමෙන් ජනවාරි මාසයේදී මෙරටට ලැබිය යුතුව තිබූ විදේශ ප්‍රේෂණ ආදායම් 62%කින් පමණ දැවැන්තව කඩා වැටුණු බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කරයි.

මෙම තත්ත්වය තුළ විදේශ ශ්‍රමිකයින් විසින්⁣ මෙරටට එවූ මුදල් මාස 07 ක් තුළ ඩොලර් බිලියන 2.5 කින් පමණ අඩුවූ බවත් රුපියල රැකගැනීම සඳහා තවත් ඩොලර් බිලියන 1.5 ක් පමණ මේ ආණ්ඩුව විනාශකර දැමූ බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan