අද මේ රටේ වටිනාකමට වඩා කුණු බිත්තරයේ වටිනාකම වැඩියි! (VIDEO)

මේ වන විට රටේ වටිනාකමට වඩා කුණු බිත්තරයේ වටිනාකම වැඩි වී තිබෙන බව මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පෙන්වා දෙයි.

අද රට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම පසෙකලා කතා කරන්නේ එහාට මෙහාට කුණු බිත්තරවලින් ගසා ගැනීම බවයි ඇය සඳහන් කරන්නේ.

අද දේශපාලකයින් මාධ්‍ය ඉදිරියට පැමිණ කතා කරමින් හිඳින්නේ ඔවුන් විසින් මේ රට වැට්ටවීමට කටයුතු කළ ආකාරය ගැන බවද විජේගුණවර්ධන මහත්මිය පවසයි.

අනාගතයක් ඉතුරු වන්නේ රටක් ආරක්ෂා වුණොත් පමණක් යන්න ගැන ජනතාව දැන් හෝ සිතිය යුතු වන බවද ඇය කියා සිටියි.

”අද නැව් ඇවිල්ලා වාරයේ තිබෙනවා. ගන්න විදිහක් නැහැ ඩොලර් නැහැ. ඩොලර් නැත්නම් නැව් මොකටද ගෙන්වන්නේ. නැව් ඇවිත් බලන් ඉන්න එකටත් ගෙවන්න ඕනේ මේ රටේ මහජනතාව. සතියක් තියාගත්තොත් ඩොලර් 18,000 ගානේ කීයක් ගෙවන්න වෙනවද? ඒක ගෙවන්න ඕනෙත් අපේ මහජනතාව. කිසිම සැලැස්මක් නැති ආර්ථිකයක්. අන්ධකාරයේ ඇස් වහගෙන යන ගමනක්. රටක් ගොඩනගන්න බැහැ අන්ධකාරයේ අතපතගාමින් යන මිනිස්සුන්ට.”

ඒ අනුව වැටුණු මිනිසුන්ගෙන් ජනතාවට බලාපොරොත්තු විය හැක්කේ බොරුව පමණක් බවද ඇය අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...