දෙවැනි නඩුවේදී රංජන් කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ඉල්ලීමට සූදානම් …

2018 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාග කළ විනිසුරු මඬුල්ල පිළිබඳව කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම නඩුවට පාදක වන ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව අධිකරණය වෙත සිය කණගාටුව පළකිරීමට රාමනායක මහතා අපේක්ෂා කරන බවයි.

එම ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බව තම සේවාදායකයා ප්‍රකාශ කරන හෙයින් ඒ පිළිබඳ කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ලබන 25 වනදාට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්ම මීට පෙර විභාග කෙරුණු නඩුවකින් වරදකරු වී දැනට සිර දඬුවම් විඳිමින් සිටින රංජන් රාමනායක මහතාව ජනාධිපති සමාව මත නිදහස් කරගැනීමට අදාළ සාකච්ඡා කිහිපයක් පැවැත්වී තිබුණු බවත් එහි කොන්දේසි අතර මෙම දෙවැනි නඩුවේදී අධිකරණයෙන් සමාව ගැනීමේ කොන්දේසිය ද පැවති බවත් ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර වාර්තා කළෙමු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...