ලබන සඳුදා වනවිට ඉන්ධන‌ පෝලිම් පවර් කට් සියල්ල අවසන් – ලොකුගේ

Date:

සතිඅන්තයට පෙර ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඉන්පසු තවදුරටත් පෝලිම්ල රස්තියාදු නොවී ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ලොකුගේ ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

ඉන්ධන අර්බුදය විසඳීමත් සමග විදුලි අර්බුදයද අවසන් වන අතර ඒ අනුව ලබන සඳුදා සිට විදුලිය කැපීම අවසන් වී රට සාමාන්‍ය තත්වයට පත්වන බවද ඔහු සඳහන් කරනවා.

මේ වනවිට තෙල් සංස්ථාව සතු ගබඩා තුළ ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000 ක ප්‍රමාණයක් තිබෙන අතර තවත් මෙට්‍රික් ටොන් 32,000 ක තොගයක් ශ්‍රී ලංකාව වෙත ලඟා වී තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ රටට අවශ්‍ය ඉන්ධන තොග රැගත් නෞකා කිහිපයක් පැමිණීමට නියමිත බවත්, ඉන්දියානු ණය ආධාර යටතේ තවත් නෞකා හතක් හෝ අටක් මාර්තු මැද වනවිට ලැබීමට නියමිත බවත් ගාමිණී ලොකුගේ මහතා පවසනයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් බලශක්ති ඇමතිවරයා සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...