ලබන සඳුදා වනවිට ඉන්ධන‌ පෝලිම් පවර් කට් සියල්ල අවසන් – ලොකුගේ

සතිඅන්තයට පෙර ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඉන්පසු තවදුරටත් පෝලිම්ල රස්තියාදු නොවී ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ලොකුගේ ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

ඉන්ධන අර්බුදය විසඳීමත් සමග විදුලි අර්බුදයද අවසන් වන අතර ඒ අනුව ලබන සඳුදා සිට විදුලිය කැපීම අවසන් වී රට සාමාන්‍ය තත්වයට පත්වන බවද ඔහු සඳහන් කරනවා.

මේ වනවිට තෙල් සංස්ථාව සතු ගබඩා තුළ ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000 ක ප්‍රමාණයක් තිබෙන අතර තවත් මෙට්‍රික් ටොන් 32,000 ක තොගයක් ශ්‍රී ලංකාව වෙත ලඟා වී තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ රටට අවශ්‍ය ඉන්ධන තොග රැගත් නෞකා කිහිපයක් පැමිණීමට නියමිත බවත්, ඉන්දියානු ණය ආධාර යටතේ තවත් නෞකා හතක් හෝ අටක් මාර්තු මැද වනවිට ලැබීමට නියමිත බවත් ගාමිණී ලොකුගේ මහතා පවසනයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් බලශක්ති ඇමතිවරයා සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...