මත් සාදයක් වටලයි, සරසවි සිසුවියන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 10, කොළඹ (LNW): සාදයක් පවත්වමින් සිටියදී , පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවියන් 5 දෙනෙකු ඇතුලු 27 දෙනෙකු කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

කහතුඩුව ප්‍රදේශයේම මහල් නිවාස සංකීර්ණයක පැවති මේ සාදයේ දී මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලැබුනු තොරතුරක් ඔස්සේ සිදු කළ මෙහෙයුමකදී වන අතර , පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා FACEBOOK හරහා ආරාධනා ලැබ කහතුඩුව – උඩුවන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකට පැමිණි විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරන බවට තොරතුරක් කහතුඩුව පොලිසියට ලැබී තිබිණ.

සාදයට එක්ව සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඒ අනුවයි ඊයේ රාත්‍රියේ කහතුඩුව පොලිසියේ විශේෂ පොලිස් කණ්‌ඩායමක් අදාල සාදය පැවැති නිවාස සංකීර්ණයට පැමිණීමෙනි.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර එම පෞද්ගලික විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියන් පස් දෙනෙකු, සහ සිසුන් 12 දෙනෙකු ද වන බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් විස්සක්, මත්පෙති තුනක්, මෝටර් රථයක්, හා ජංගම දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, එම සාදයට පැමිණි තරුණයින්ට ඇසුරු කිරීම සඳහා ගණිකාවන් තිදෙනෙකුද ගෙන්වා ඇති බවයි.

පොලිසිය පවසන්නේ, අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුද සිට ඇති අතර ඔවුන් දෙදෙනාම එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය පානය කර සිටි බවයි.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු විසින් මෙම සාදය සඳහා මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති අතර සාදය පැවැත්වීම සඳහා හෝමාගම උඩුවන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකට පැමිණ රුපියල් 45,000ක් ලබා දී කුලී පදනම මත නිවසක්ද ලබා ගෙන ඇති බව පොලිසිය පවසයි.

දියතලාව ප්‍රදේශයේ පදිංචි අදාල සිසුවා මෙම උපන්දින සාදය පවත්වා ඇත්තේ ඔහුගේ විසි දෙවන උපන්දිනය වෙනුවෙන් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල, රත්නපුර, බූස්ස ,පොළොන්නරුව, මහරගම ,හෝමාගම සහ බොරලැස්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට යොමු කිරීමෙන් අනතුරුව අද (10) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව පොලිසිය කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...