ජනාධිපතිවරණය : පොහොට්ටු මන්ත්‍රීවරුන්ට මහින්දගෙන් විශේෂ උපදේශයක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිය පෞද්ගලික මතයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බැවින් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව පෞද්ගලික මතයන් ප්‍රකාශ කිරීමට යාමෙන් පක්ෂ යාන්ත්‍රණයට හානි සිදුවිය හැකි බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

එසේම දේශපාලන නායකයින් තමතමන්ගේ පෞද්ගලික මත සමඟ නොයා පොදු දේශපාලන මතය සමග ජනතාව ඒකරාශී කරගත යුතු බවත් ඒ මහතා අවධාරණය කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...