LNW ට එරෙහිව චන්න ජයසුමන ඉල්ලූ අතුරු තහනම අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

Date:

ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියේ පළවූ පුවතකින් තමන්ට අපහාසයක් සිදුව ඇති බව පවසමින් ඊට වන්දි ඉල්ලා හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ගොනු කර ඇති නඩුව අද (10) නුගේගොඩ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

තමන්ට එරෙහිව කිසිදු පුවතක් පළ කිරීමෙන් වළකින ලෙස ලංකා නිව්ස් වෙබ්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද චන්න ජයසුමන මහතා එම නඩුවේදී අධිකරණයෙන් ඉල්ලා තිබුණු අතර ලංකා නිව්ස් වෙබ් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එම ඉල්ලීමට එරෙහිව සිය ලිඛිත විරෝධතා ගොනුකර තිබිණි.

ඒ අනුව, එම ඉල්ලීම සම්බන්ධයෙන් විභාග කිරීමෙන් අනතුරුව අද දිනයේදී නුගේගොඩ දිසා අධිකරණයේ ගරු විනිසුරුවරයා විසින් එකී අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.

උත්තරය සඳහා නඩුව නැවත කැඳවීම අගෝස්තු 11 වනදාට කල්දැමිණි.

චන්න ජයසුමන මහතා වෙනුවෙන් නීතීඥ වී. චොක්සි මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර ලංකා නිව්ස් වෙබ් වෙනුවෙන් නීතීඥ රංග ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ජ්‍යේෂ්ඨ අධිනීතීඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා පෙනී සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...