230 ගයිඩඩ් රේට් එකක් විතරයි. වෙළඳපොල අනුව ඩොලරය තීරණය වෙයි – මහාචාර්ය රංජිත් (VIDEO)

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව පසුගියදා නිකුත් කළ නිවේදනය බොහෝ අය වැරදියට වටහාගෙන ඇති බවත් එයින් කියවෙන්නේ නිශ්චිතවම ඩොලරයේ අගය රුපියල් 230ක් විය යුතුය යන්න නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ඇතැම් පාර්ශ්ව කියනවා මේ වෙද්දී විදේශ විනිමය වෙළඳපොල තුළ යම්කිසි පැටළිලිසහගත තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා මේ තීරණය අපැහැදිලි නිසා. මං කැමතියි මේක අද පැහැදිලි කරගන්න ඔබතුමාට කියලා. දැන් මහබැංකුව විසින් ගනුලැබූ තීරණය මේක නිදහසේ වෙළඳපොල විසින් තීරණය කරන්න ඉඩ දීමද , නැත්නම් මේ රු. 230 කියන අගය දක්වා ඉහළ දැමීමද ?

“නෑ, දැන් හුඟදෙනෙක් මේක වරදවා වටහාගෙන තියෙන්නෙ. මුදලේ අගය අවප්‍රමාණය කරනවා කියන එක නෙවෙයි මේ සිද්ධ කරලා තියෙන්නෙ. අපි පහුගිය අවුරුදු 44, ඒ කියන්නෙ 1977 ඉඳලා අද දක්වා කාලසීමාව ගත්තොත් එහෙම රුපියලේ අගය 2201 ප්‍රමාණයකින් අවප්‍රමාණය කරලා තියෙනවා. ඒ කියන්නෙ මේ අවප්‍රමාණය කියන එක හිතාගන්න පුළුවන්නෙ ? 2201 වතාවක් අවප්‍රමාණය කරලා තියෙනවා. දැන් මේ 230 කියන්නෙ අවප්‍රමාණය කිරීමක් නෙවෙයි. 230 කියන්නෙ ගයිඩඩ් රේට් එකක්. කිසියම් ආකාරයක මග පෙන්වන ඉලක්කමක්. එතකොට ශ්‍රී ලංකා මහබැංකුව අපේක්ෂා කරනවා අවම වශයෙන් රුපියල ඇමරිකානු ඩොලරයක් සමග හුවමාරු වෙද්දී මේ මට්ටමේ පවතින්නට ඕනෙ කියලා. හැබැයි ඒකෙන් කියන්නෙ නැහැ මේක 240 වෙනවාද, 250 වෙනවාද, 210 වෙනවාද, 200 වෙනවාද කියන එක. මේ පරාසය තුළ ශ්‍රී ලංකා මහබැංකුව අපේක්ෂා කරනවා මේ රුපියල 230 ප්‍රමාණයේවත් රැඳුනොත් ඒක යහපත් කියලා”

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (09) දෙරණ රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...