ට්‍රම්ප්, මස්ක්ගේ ටෙස්ලා මෝටර් රථයක් මිලදී ගැනීමට යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් 15%කින් පහත වැටීමෙන් අනතුරුව තමා නවතම ටෙස්ලා මෝටර් රථයක් මිලදීගැනීමට සුදානම් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

ට්‍රම්ප්ගේම තීරුබදු පිළිබඳ ආර්ථික ප්‍රතිපත්තිය ආයෝජකයින් නොසන්සුන් කර ඇති අතර විශ්ලේෂකයන් සඳහන් කර තිබුණේ, ටෙස්ලා සමාගමේ විකුණුම් පසුගිය වසර පුරාම බිඳ වැටි තිබු බවයි.

ට්‍රම්ප් තීරුබදු වල ආර්ථික බලපෑම් ගැන සැලකිලිමත් වන ආයෝජකයින් කොටස් විකුණා දැමීමත් ට්‍රම්ප් ආර්ථික අවපාතයක් පිළිබඳව සඳහන් කිරීමත් සමඟ ඊයේ(10)දිනය වන විට එක්සත් ජනපද කොටස් වෙළඳපොළ පහත වැටුණි.

කෙසේ නමුත් ටෙස්ලා කොටස් මිල පහළ වැටීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහනක් යොදමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, රැඩිකල් වාම උන්මත්තකයන් එලොන්ට පැහැර දී නීති විරෝධී ලෙස සහ කුමන්ත්‍රණකාරී ලෙස ටෙස්ලා වර්ජනය කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, සැබවින්ම ශ්‍රේෂ්ඨ ඇමරිකානුවෙකු වන එලොන් මස්ක් කෙරෙහි විශ්වාසය සහ සහයෝගය පෙන්වීමක් ලෙස මම හෙට උදෑසන අලුත්ම ටෙස්ලා රථයක් මිලදී ගන්නා බවයි.

ඔහුගේ අදහස් දැක්වීමෙන් පසුව, ටෙස්ලා කොටස් පූර්ව වෙළඳපොල වෙළඳාමේදී 5% කින් පමණ ඉහළ ගිය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි...

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...