ජාතික ආණ්ඩුවක් ආවත් ඇමති මණ්ඩලය අඩුකිරීම ඉතාම අත්‍යාවශ්‍යයයි – මෛත්‍රී (VIDEO)

Date:

ජාතික ආණ්ඩුවක් නිර්මාණය වුවත් රාජ්‍ය වියදම් අඩුකිරීම යන කාරණයේදී අමාත්‍ය මණ්ඩලය අඩුකිරීම අත්‍යාවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

“රාජ්‍ය වියදම් අපි අඩු කරන්නට ඕනෙ. දැන් පහුගිය දිනවල ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙක් ඉවත් කළා. ඉවත් කළ වහාම ඒ වෙනුවට ඇමතිවරු පත්කළා. දැන් නොයෙකුත් කතා ඇහෙනවා ජාතික ආණ්ඩු පිළිබඳව. හැබැයි ජාතික ආණ්ඩු තියා මොන ආණ්ඩුව ආවත් රටේ රාජ්‍ය වියදම් අඩුකිරීමේ මූලික කාර්යයේදී ප්‍රධාන වශයෙන්ම ඇමති මණ්ඩලය අඩුකිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් කියන එක මම කියන්නට ඕනෙ. අද එක අමාත්‍යාංශයට රාජ්‍ය ඇමතිවරු තුන්දෙනයි, සමහර ඒවායෙ රාජ්‍ය ඇමතිවරු හතරදෙනයි. හතරදෙනෙක් නිසා කඹ අදිනවා එහාට මෙහාට, අමාත්‍යාංශවල වැඩ කෙරෙන්නෙ නැහැ.

අපි පක්ෂ 11 එකමුතුව ශක්තිමත් කරනවා. ඒ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් පක්ෂ 11න් නවතින්න නෙවෙයි, ඊට එහා තව පක්ෂ 15ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන් ඒ සියලුදෙනා ඒකරාශී කරමින් පුළුල් ජනතාවාදී බලවේගයක් මේ රටේ හදනවා. කවුද නායකයා, කවුද ජනාධිපති, කවුද අගමැති කියන ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නෙ නැහැ”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති ශ්‍රීලනිප කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...