ඩීසල් සහනාධාරය නැත්නම් 60%කින් බස් ගාස්තු ඉහළට!(VIDEO)

0
1234

ඊයේ රාත්‍රියේදී ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල නැවත වරක් ඉහළ යාමත් සමඟ මේ වන විට ඩීසල් ලීටරයක මිල රු. 93ක් දක්වා ඉහළ ගොස් තිබෙන හෙයින් පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා ඉක්මණින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඩීසල් සහනාධාරය ලබා නොදෙන්නේ නම් 60%කින් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු වන බවයි ඔහු කියා සිටියේ.

එලෙස ගාස්තු සංශෝධනයක් සිදුවුවහොත් අවම බස් ගාස්තුව රු. 30ත් 35ත් අතර අගයක් දක්වා වැඩි වන බවයි ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල වැඩි කිරීමට ඉඩ දීමෙන් පෙන්නුම් කරන්නේ සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහළ යාමට නියමිත බව වන අතර ඊට පෙර ඩීසල් සහනාධාරය ලබා දෙන ලෙස ඔහු අවධාරණය කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here