ඩීසල් සහනාධාරය නැත්නම් 60%කින් බස් ගාස්තු ඉහළට!(VIDEO)

Date:

ඊයේ රාත්‍රියේදී ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල නැවත වරක් ඉහළ යාමත් සමඟ මේ වන විට ඩීසල් ලීටරයක මිල රු. 93ක් දක්වා ඉහළ ගොස් තිබෙන හෙයින් පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා ඉක්මණින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඩීසල් සහනාධාරය ලබා නොදෙන්නේ නම් 60%කින් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු වන බවයි ඔහු කියා සිටියේ.

එලෙස ගාස්තු සංශෝධනයක් සිදුවුවහොත් අවම බස් ගාස්තුව රු. 30ත් 35ත් අතර අගයක් දක්වා වැඩි වන බවයි ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල වැඩි කිරීමට ඉඩ දීමෙන් පෙන්නුම් කරන්නේ සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහළ යාමට නියමිත බව වන අතර ඊට පෙර ඩීසල් සහනාධාරය ලබා දෙන ලෙස ඔහු අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...