IMF යනවා කියල බැසිල් හදන්නේ ජනතාවගේ සල්ලිවලින් ගම රට යන්න – හේෂා

Date:

ජනතාව අතිශය පීඩාවට පත්වසිටින මොහොතක ජනතාවගේම මුදල්වලින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන මුවාවෙන් තමන්ගේ ගම රට බලා යාමට උත්සහයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

රටේ ආර්ථික අර්බුදය විසඳන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ අවශ්‍යතාව තිබුණා නම් මීට පෙරම එය සිදුකිරීමට ඉඩ තිබුණු බවටයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

”හදිසියේ තකහනියක් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අප්‍රේල් මාසේ 11 වැනිදා IMF එකට යනවා කියල තීන්දු කරලා තියෙනවා. මේක මම හිතනවා හරියට බලන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ට දැන් අවුරුදු තුන හතරක් තිස්සේ තමන්ගේ සිංහල අවුරුදු චාරිත්‍ර ටිකවත් ඉටුකරගන්න බැරි වුණා කොරෝනා වසංගත,මේ ආර්ථික අර්බුද කියන කාරණාත් එක්ක. හැබැයි මේ බැසිල් රාජපක්ෂ උන්නැහේ IMF කතාවක් කරළියට ගෙනල්ලා හිමින් සැරේ තමන්ගේ දරුවෝ ටිකත් එක්ක කිරිබත් කන්න ඇමරිකාවට යනවා කියන එක කාටවත් බැහැර කරන්න බැහැ. මේ යන්නේ බැසිල් රාජපක්ෂ මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට උත්තර හොයන්න නෙවෙයි මේ හිඟා කන ආර්ථිකයක් තියෙන රටේ ඩොලර් ටික අරගෙන ඇවිල්ලා රාජකාරී ගමනක් විදිහට පෙන්නල අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් තමන්ගේ ළමයි එක්ක අවුරුදු කන්න යන ගමනක්. අපි කියනවා රාජපක්ෂ මහත්තයෝ කරුණාකරලා මේ කාඩ වැඩේ නවත්වන්න. IMF යන්න අවශ්‍යතාව තිබුණා නම් මීට පෙර යන්න තිබුණා. දැන් මේ අවුරුද්දට ගම බලා යන්න,තමන්ගේ රට බලා පැනගන්න හදපු තවත් උප්පරවැට්ටියක්. මේ රටේ බත් කන හරක් නෑ කියන කාරණාව රාජපක්ෂලාට මතක් කරන්න ඕනේ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...

කලින්ම ජීවිතයට සමු දුන් හිටපු බොක්සිං ලෝක ශූර  Ricky Hatton!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු බොක්සිං ලෝක...