(VIDEO):IMF ප්‍රතිසංස්කරණ ඉටු නොවුණොත් නැවත ආර්ථිකය අර්බුදයට යනවා.ඒකට ඉඩදෙන්න එපා – ආර්ථික විශේෂඥයින් ඉල්ලයි

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු කරගෙන යාම සදහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ මේ සදහා සහයෝගය ලබාදීම අත්‍යවශ්‍යව බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

මේ වන විට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් සිදුවෙමින් පවතින අතර උද්ධමනය විශාල ලෙස පහළට පැමිණ දුනුසිංහ මහතා පවසනේ.

කෙසේවෙතත් නැවත ආර්ථික අර්බුදයකට ලක් නොවීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු වන අතර ඒවා දුෂ්කර, දේශපාලනික වශයෙන් ජනප්‍රිය නොවන තීරණ වන හෙයින් මේ මොහොතේ ආණ්ඩු පක්ෂ විපක්ෂ යන සියලු පාර්ශව වල එකඟතාවක් අවශ්‍ය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ එකඟතාව පළකර තිබෙන හෙයින් දේශපාලන පක්ෂ ජනාධිපතිවරයා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවීමට තිබුණු බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

දේශපාලන පක්ෂ පසෙකලා දේශපාලනය කිරීමටත් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතු වන බවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...