ගාසා තීරයේ ගර්භනී මව්වරුන් වෙනුවෙන් UNFPA නැඟී සිටියි!

සටහන – පුලී
මාර්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ගාසා තීරයේ ගැටුම් වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට තම නිවෙස් අතහැර එක්සත් ජාතීන්ගේ නිවාස, පාසල්, රෝහල් හෝ ඥාතීන්ගේ රැකවරණය පතා පලා යාමට සිදු ව තිබේ.

එවැනි කාලයක ගාසා තීරයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) වැඩි සැලකිල්ලක් දක්වයි.

ඇස්තමේන්තුගත ගර්භනී කාන්තාවන් 50,000 ක් ඇතුළුව ඔවුන්ගෙන් 5,000 කට වැඩි පිරිසක් ඉදිරි මාසයේදී දරු ප්‍රසූතියට සූදානමින් පසුවන අතර රෝහල් ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වන විට සහ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන විට, ජීවිතාරක්ෂක ඖෂධ, ඉන්ධන සහ විදුලිය අවසන් වන විට මෙම කාන්තාවන්ට ආරක්ෂිත ප්‍රසූති සේවාවක් නොලැබේ.

ගර්භනී කාන්තාවන් සහ නව මව්වරුන් සඳහා ප්‍රජනක සෞඛ්‍ය සැපයුම් ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම ඇතුළුව තීරණාත්මක ජීවිතාරක්ෂක සේවා සැපයීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මේ වනවිට අත්වැල් බැඳගෙන සිටී. කාන්තාවන්ට සහ තරුණයින්ට තොරතුරු සහ උපදේශන සේවා සැපයීම සඳහා UNFPA ක්ෂණික දුරකථන අංක සඳහා ද සහාය දක්වයි.

යුද්ධය, ගැටුම් සහ ස්වාභාවික විපත් වලදී, ගර්භනී කාන්තාවන් සහ අලුත උපන් බිළිඳුන් සෑම විටම වැඩිපුර පීඩා විඳිනු ඇත.

ඕනෑම අයෙකුට මෙම වැඩපිළිවෙළ සඳහා සහයෝගය ලබා දීමට ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙහි තොරතුරු ද සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...