*
Monday, September 23, 2024
spot_img

Latest Posts

නව ප්‍රවේශ ඔස්සේ සංචාරක කර්මාන්තය ගොඩ ගමු

ලංකාවේ විදේශ විනිමය සඳහා ඉහළ දායකත්වයක් සපයන ප්‍රධාන ආර්ථික අංශ ලෙස විදේශ සේවා නියුක්තිය, ඇඟලුම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය හඳුනා ගෙන ඇත. සංචාරක ව්‍යාපාර මෙරට තුන්වැනි විශාලතම විදේශ විනිමය උපයන මාර්ගයයි. සංචාරක ව්‍යාපාරය නිල වශයෙන් ස්ථාපිත වීම සිදු වූයේ 1967 වසරේදීය. ගත වූ කාලය තුළ මෙම ව්‍යාපාරයෙන් වැඩිම ආදායමක් ඉපැයූ වසර වන්නේ 2018 වසරය. ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස 2019 වසරේ හඳුනාගෙන තිබීම නිසා මෙම ආදායම තව දුරටත් ඉහළ යෑමේ විභවතාවක් තිබිණි.

එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තයේ වර්ධනය සැලකියයුතු අගයකින් පහළ වැටිණි. ආදායම ද එවැනිම ප්‍රමාණයකින් පහළ ගියේය. බිලියන 4.5ක පමණ වූ වසරේ අපේක්ෂිත ආදායමින් ලබා ගත හැකි වූයේ බිලියන 3ක පමණ ආදායමකි. 2019 වසරේදී සංචාරක කර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබුණු දායකත්වය 12.6%කි. සංචාරක ව්‍යාපාරයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 2000 වසරේ 60% ක් විය. මේ අනුව බැලූ විට ගත වූ දශක දෙකකට ආසන්න කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපැයීම් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව පැහැදිලි වේ.

2019 වසරේදී මෙරටට විදේශ සංචාරකයන් මිලියන 1.9කට අධික ප්‍රමාණයක් පැමිණ ඇත. එය වාර්තාගත වර්ධනයකි. පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයන්ගේ පැමිණීම පෙර වසරට වඩා සියයට 21කින් පහත වැටිණ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය කොවිඩ් වසංගතය නිසා තවදුරටත් අඩපණ විය. සංචාරක ව්‍යාපාරය මෙලෙස කඩා වැටීමට හේතු වූයේ දේශීය සිදුවීමක් හෝ ප්‍රතිපත්තියක් හෝ නිසා නොව ජගත් සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙනි.
සංචාරක ව්‍යාපාරයේ පසුබෑමට බලපෑ හේතුව ගෝලීය කරුණක් වීම හා ඒ සමඟ සෞඛ්‍යමය හේතුවක් ඇදී තිබීම මෙම කර්මාන්තය නැවත ගොඩනැඟීම අභියෝගයකි. මෙරට සංචාරක ව්‍යාපාරයට මේ අතර තුන් වැනි ප්‍රහාරයක් ද එල්ල විය. එය එනම් යුක්රේන හා රුසියා යුද්ධයයි. ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් පැමිණෙන ප්‍රධානම රට රුසියාවයි. සිව්වැනියාට මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණෙන රට වන්නේ යුක්රේනයයි. සිවිල් යුද්ධය නිසා රුසියාවෙන් හා යුක්රේනයෙන් තවදුරටත් සංචාරකයන්ගේ පැමිණීමක් බලාපොරොත්තු විය නොහැකිය. මේ තත්ත්වය මත සංචාරක ව්‍යාපාර දීම තවදුරටත් බැරෑරුම් තත්වයක පවතී.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඇත්තේ අඩු තරගකාරීත්වයකි. ශ්‍රී ලංකාව දූපතක් වීම. කේන්ද්‍රීය ස්ථානයක පිහිටීම, වෙනස් වෙනස් දේශගුණික තත්ත්ව හා සුන්දර ස්ථානයන්ට කෙටි කාලය තුළ ළගා විය හැකි වීම, ප්‍රිය මනාප සංග්‍රහශීලී ජනතාවක් සිටීම, පිරිසුදු රටක් වීම. පරිසර හිතකාමී සේවාවන් පැවතීම නිසා මෙරට සංචාරක ව්‍යාපාරයට වෙනස් අනන්‍යතාවක් ඇත. විවිධත්වයකින් යුත් මෙම අනන්‍යතාවට සංස්කෘතියෙන් විශාල පිටුබලයක් ලැබී තිබේ. ඒ නිසා කුමන බාධක වරින් වර මතු වුවත් සංචාරක ව්‍යාපාරය අත්හල නොහැකි ආදායම් උල්පතකි.

සංචාරක ව්‍යාපාරයට අදාළ සුවිශේෂ කරුණක් වන්නේ එය වෙනත් ගතිකයන් අනුව තීරණය වන සංවේදී කර්මාන්තයක් වීමය. මෙම කර්මාන්තය සංවර්ධනයට වැඩසටහන් දියත් කළ ද හදිසියේ මතුවන තත්ත්වයන් අනුව එහි ගමන අඩාල විය හැකිය. මේ තත්ත්වය තේරුම් ගෙන මෙරට සංචාරක ව්‍යාපාරය නව ප්‍රවේශයකට යොමු කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ. මෙවැනි ගෝලීය ව්‍යසනයන්ට දරාගත හැකි දිශාවන් වෙත සංචාරක කර්මාන්තය යොමු කිරීම වැදගත්ය.

පශ්චාත් කොවිඩ් තත්ත්වය තුළ සංචාරකයන් වැඩි වශයෙන් සුවතාව පිළිබඳ අවධානය දක්වයි. ඒ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතර විශාල උනන්දුවක් හරිත සුවතා සංචාරක ව්‍යාපාරයට තිබේ.ධරණීය සංවර්ධන අරමුණු හඳුන්වාදීමත් සමඟ පරිසර හිතකාමීත්වය කෙරෙහි ගෝලීයව නැඹුරුතාවක් ඇත. සුවතාව, හරිත කෘෂි කර්මාන්තය, අධ්‍යාත්මික සුවය යන සංකල්ප වෙත යොමු විය යුතුයි. මෙම සංකල්ප ත්‍රිත්වය යුගයේ අවශ්‍යතාව වේ.

නාගරික කාර්මිකකරණයෙන් හෙම්බත්ව සිටින වීදේශීය සංචාරකයන් ද ගමක කෙතක සිහිල විඳීමට කැමැතිය. එම සංස්කෘතිය හා බැඳී කුඹුරු වැපිරීම, ගොයම් නෙළීම වැනි අවස්ථාවන්ට අත්දැකීම් ලබා ගැනීමට ඔවුන් උනන්දුවක් දක්වයි. මෙය ලෝක ප්‍රවණතාවකි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට හා එම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමට ද සංචාරක කර්මාන්තයට හොද කාලයක් යාම සදහා උපයෝග කර ගත හැකිය.

~ ශම්මි ~ Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan