පළමු වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක්!

කොළඹ LNW:ආණ්ඩුවේ පළමු වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් ගොඩනැගීම ඉලක්කයක් වන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා පවසයි.

එලෙස ව්‍යවසායකයින් හැදීම පමණක් නොව ඔවුන්ට අවශ්‍ය දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සකස් කිරීමද ආණ්ඩුවේ වගකීමක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මීට පෙර ව්‍යවසායකයන් බිහිකිරීමට වඩා වත්මන ආණ්ඩුව ඊට වෙනස් ප්‍රවේශයක් ලබාගෙන තිබෙන අතර ව්‍යවසායකයින් රැකබලා ගැනීම,දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ නිර්මාණය කිරීම,ව්‍යවසායකයින්ට හොඳ අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ට මඟ නොහැර සිටීමටද ආණ්ඩුවට වගකීමක් තිබෙන බව ඔහු කියාසිටියි.

එමෙන්ම කුඩා නිෂ්පාදකයාගේ සිට මහා පරිමාණ නිෂ්පාදකයෙක් දක්වා ගෙනයාම වෙනුවෙන් වූ මඟපෙන්වීමත් රජය කළ යුතු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ 2025 ස්වයං රැකියා සහ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...