2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විශේෂ නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 13, කොළඹ (LNW):

2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකරයි. 

ඒ අනුව, අදාළ විභාග අපේක්ෂකයකු වේ නම්, ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15 වන සෙනසුරාදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබෙනු ඇති බව දන්වා සිටී.

එම ලිපිය www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද පහසුකම් ලබා දී ඇත.

මේ වනතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයට පෙනී සිටින පාසල් ඉල්ලුම්කරුවන් වේ නම්, ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවද වැඩිදුරටත් දන්වා සිටී. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වර්ෂයේ මාර්තු මස 17 දින සිට පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් දැනුම් දෙයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...